"ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ පෞරාණික බෞද්ධ උරුමය" - පොත මිලදී ගන්නේ මෙහෙමයි

lankaSFnews
0

 "ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ පෞරාණික බෞද්ධ උරුමය" - පොත මිලදී ගන්නේ මෙහෙමයි

මහාචාර්ය චන්න ජයසුමන විසින් ලියා පළ කරන ලද  "උතුරු පළාතේ පෞරාණික බෞද්ධ උරුමය" ගවේෂණාත්මක කෘතිය මාර්තු 4 වන දා සවස 3ට කොළඹ 07, බෞද්ධාලෝක මාවත බෞද්ධ මහා සම්මේලන ශ්‍රවණාගාරයේ දී ජනගත කෙරිණ.


මෙතෙක් ශ්‍රී ලංකාවේ උතුරු පළාතෙන් හමුවී ඇති සියලු ම බෞද්ධ උරුමයක් සහිත පුරාවිද්‍යාත්මක ස්ථාන සහ ඒවායෙන් හමු වූ පුරාවස්තු සියල්ලක් ඡායාරූපයට නගා විස්තර සහිතව මෙම කෘතියේ දක්වා ඇත. කෘතිය A3 ප්‍රමාණයේ වර්ණවත් පිටු 168කින් සමන්විත වන අතර වර්ණ ඡායාරූප 700කට වැඩි ප්‍රමාණයක් අඩංගු වෙයි.


උත්සවයේ මුලසුන ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කොටපිටියේ රාහුල අනුනායක හිමියන් උසුලනු ලැබූ අතර අස්ගිරි විහාර පාර්ශවයේ ලේඛකාධිකාරී මැදගම ධම්මානන්ද හිමි, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනු නායක වලේබොඩ ගුණසිරි හිමි, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කන්දේගොඩ විමලධම්ම හිමි සහ හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක එහිදී අදහස් දක්වන ලදී.


කෘතිය සුසර ප්‍රකාශනයක් වන අතර රුපියල් 9,000/= මිලක් වන නමුත් සති 2 කට පමණක්(මාර්තු 16 වනදා පමණ දක්වා) රු .5,000/= ක මුදලකට මෙය ඔබට මිලදී ගත හැක. මිලදී ගන්නා ආකාරය පහලින් දැක්වේ. 


පොත ගැන හැඳින්වීම 1
 
පොත ගැන හැඳින්වීම 2


පොත මිලදී ගත හැකි ආකාරය :


පොතෙහි මිල : රු.5,000/= (මාර්තු 16 පමණ තෙක්)
ලංකාව තුල කුරියර් ගාස්තුව : රු.700/=
මුළු මුදල : රු.5,700/=


එම රු . 5,700/= ක මුදල පහත ගිණුමට බැර කර රිසිට් පත 071-4393989 වට්ස් ඇප් අංකයට යොමු කරන්න.
ලැබිය යුතු නම, ලිපිනය සහ සම්බන්ධ කරගත හැකි දුරකථන අංකයක්ද දන්වන්න. 

ගිණුමේ නම : MACS Jayasumana
බැංකුව : Sampath Bank, Anuradhapura Super Grade Branch
ගිණුම් අංකය (Account No): 102149421717


වැඩි විස්තර දැනගැනීමට චන්න ජයසුමන මහතාගේ නිල ෆේස්බුක් පිටුවට මෙතැනින් මැසේජ් එකක් දමන්න.

"උතුරේ පෞරාණික බෞද්ධ උරැමය" කෘතිය එළි දැක්වූදා පින්තූර සටහන්  

channa jayasumana sri lanka north buddhism

"ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ පෞරාණික බෞද්ධ උරුමය" 1

"ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ පෞරාණික බෞද්ධ උරුමය"

ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ පෞරාණික බෞද්ධ උරුමය චන්න ජයසුමන

ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ පෞරාණික බෞද්ධ උරුමය චන්න ජයසුමන  3


Post a Comment

0 Comments
lankaSFnews Whatsapp channel
To Top