සුපර් මුස්ලිම් හෙවත් "සහාභි තාරිකා" සංවිධානය ශ්‍රී ලංකාවේ තහනම් කෙරේ

lankaSFnews
0
super muslim sahabi tharika sri lanka banned

 සුපර් මුස්ලිම් හෙවත් සහබි තාරිකා ලෙස හැඳින්වෙන මෙම සංවිධානය 2019 සිට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන බව වාර්තා වේ. කල්මුණකුඩි හි ලිපිනය සහිතව, ජනවාරි 6 දිනැති අතිවිශේෂ ගැසට් පත්‍රයට අනුව මෙම සංවිධානය තහනම් කර තිබේ. ආරක්ෂක ලේකම්ගේ අත්සනින් යුතුව ජනවාරි 06 වැනිදා මෙම ගැසට් පත්‍රය නිකුත්කර තිබේ. සංශෝධිත ගැසට් පත්‍රයේ ත්‍රස්තවාදයට සම්බන්ධ ක්‍රියාකාරකම්වල යෙදීම සහ ත්‍රස්තවාදී අරමුදල් සැපයීම සඳහා දෙමළ ඩයස්පෝරාව සහ මුස්ලිම් සංවිධානවලට තහනම ද දීර්ඝ කරන තිබේ.


දෙමළ ඊළාම් විමුක්ති කොටි (LTTE) සහ ජාතික තව්හීද් ජමාත් (NTJ) දෙමළ පුනරුත්ථාපන සංවිධානය (TRO), ලෝක දෙමළ ව්‍යාපාරය ((WTM), දෙමළ ඊළාම් අන්තර්ජාතික රජය , ජමාතේ මිල්ලතේ ඊබ්‍රහිම් (JM), විලයාත් අස් සෙයිලානි (WAS)සහ ශ්‍රී ලංකා ඉස්ලාමීය ශිෂ්‍ය ව්‍යාපාරය (SLISM), මෙම ලැයිස්තුවට ඇතුළත් වේ.

Gazzette link 

source 

Tags

Post a Comment

0 Comments
lankaSFnews Whatsapp channel
To Top