
👉 කත්නෝරුවෙ හාමුදුරුවන්ගෙ බන අහන්න ආපු අන්‍යාගමිකයන් කීපදෙනෙක් දැකලා සිංහල බෞද්ධයො හෙල්ලිලා ගිහිල්ලා.
👉 සිංහල බෞද්ධයන්ගෙ හදවත විතරක් නෙමේ සරුවාංගෙම උණු වෙලා මේ දවස් වල.
👉 වෙන්න ඕන දේ වෙමින් පවතීලු,
👉 සංහිඳියාව ඇති වෙලාලු,
👉 ජාති බේද නැති වෙලාලු,
අරකලු මේකලු, කතා ගොඩයි.
🚨 අපි බලමු ඒක ඇත්තද නැත්තද,
ඒ වගේම මොකද්ද මේ අන්‍යාගමිකයන්ගෙ බණ ඇහිල්ල කියලා.
====================================
මිත්‍රවරුනි,
නිකමට හිතන්න, ඔයාලා ඇයි බණ අහන්නෙ?
👉 බුද්ධ දේශනාව නිවැරදී කියල හිතන නිසා,
👉 බුද්ධ දෙශනාව ගැන තව දැනගන්න ඕන නිසා,
👉 බුද්ධ දේශනාවට අනුව ජීවිතේ හදාගන්න හිතන නිසා වගේ දේවල් වලටනෙ. නේද.
👉 අවසානයේ ඔයාලා ඒ බණ අහලා
👉 ජීවිතය හදාගන්නවා,
👉 තවත් ධර්මයට යොමු වෙනවා.
👉 අඩුම ගානෙ බුද්ධ පූජාවක් හරි තියන්න යොමු වෙනවනෙ. නේද.
( හරියටම එහෙම වෙනවද නැද්ද කියලා කතා කරන්න ඕන නෑ. අපි එහෙම වෙනවා කියල හිතමුකො )
👉 ඉතින් බෞද්ධ ඔයාලා බන අහන්නෙ ඒ හේතු වලට නම් අන්‍යාගමිකයොත් බන අහන්නෙත් ඒ වගේ හේතු වලට වෙන්න එපෑනෙ නේද?
👉 එහෙම නැතුව බන අහන්න ඇවිල්ලා ලැබෙන වෙනත් දෙයක් නෑනෙ.
👉 බන අහලා ස්වර්ගයට යන්නත් බෑනෙ.
🚨 එහෙනම් අන්‍යාගමිකයන් මේ විදිහට බණ අහන්නෙ බුද්ධ දේශනාව හරි කියල පිළිගෙනද?
👉 ඔවුන් බුද්ධ දේශනාවට අනුව ජීවිතය හදාගන්නවාද?
👉 ඔවුන් බණ අහලා බෞද්ධ වෙනවද?
👉 අර බණ අහන්න ආවා කියාපු පියතුමා එහෙම ලෝගුව ගලවලා මහන වෙනවද?
🚨 නෑ මිත්‍රවරුනි නෑ. එහෙම එකක් මෙතන වෙන්නෙ නෑ.
👉 එහෙනම් එයාලා ඇයි මෙහෙම බණ අහන්නෙ?
🚨 මෙහෙම අන්‍යාගමිකයන් බණ අහන්නෙ කාරණා තුනකට.
🚨 1. පොඩි වෙනසක්.
ඒක අපි Musical Show එකක් බලන්න යනවා වගේ, පොඩි ට්‍රිප් එකක් යනවා වගේ වැඩක්. ඒකාකාරී ජීවිතේ පොඩි වෙනසකට ඔවුන් බණ මඩුවකට ගොඩ වෙනවා.
පන්සලකට ගොඩ වෙනවා.
(අනික තමන්ගෙ ගමේ ලොකු වැඩක් සංවිධානය කරනකොට
ජාතිබේදයකින් තොරව වෙන්නෙ මොකද්ද කියලා කවුරුත් ඔලුව දාලා බලනවනෙ. කානිවල් එකක් තිබ්බත්, වෙසක් කලාපයක් තිබ්බත් ඕකම තමා වෙන්නෙ. ඒකෙ ලොකු දෙයක් නෑ.)
🚨 2. බුදු බණ වෙනුවට සංහිඳියා බන.
👉 සියලු ආගම් වල කියන්නෙ හොඳ විතරයි,
👉 වරදක් නොකියයි,
👉 විවිධ ක්‍රම වලට කියල තියෙන්නෙ එකම දෙයයි,
👉 එයාලා ස්වර්ගෙට යනවා අපි නිවන් යනවා දෙගොල්ලොම එහෙදි මුනගැහෙනවා, වගේ බහුබූත සංහිඳියා බණ කියනවා නම් අන්‍යාගමිකයන් කිසිම ගැටලුවකින් තොරව ඒ බණ අහන්න එනවා.
🚨 වැරදිලාවත් බණට,
👉 ලෝක පාලක දෙවියෙක් නැත,
👉 ලෝක නිර්මානය කරන දෙවියෙක් නැත,
👉 ඔබට සමාව දෙන දෙවියක් නැත,
👉 ඔබව බේරාගන්නා දෙවියෙක් නැත,
👉 ඔබව බේරාගත යුත්තේ ඔබමය,
👉 උපවාස කර ලබාගත හැකි විමුක්තියකක් නැත,
👉 සතුන් මරා දෙවියන්ට පූජා කර ලබාගත හැකි විමුක්තියක් නැත,
👉 සසර ගමන කියා එකක් ඇත,
👉 සසරින් එතෙර වීමට මගක් ඇත,
වගේ දේවල් කිවුවොත්
👉 උපවාස කරලා අල්ලා දෙවියන්ට භක්තිය පෙන්වන,
👉 ඊද් වලට සත්තු මරන මුස්ලිම් මිනිස්සු ඒ බණ අහන්න එයිද? නෑ.
👉 දෙවියන්වහන්සේ වෙනුවෙන් යාඥ්ඥා කරන කතෝලිකයන් ඒ බණ අහන්න එයිද? නෑ.
🚨 3. දේශපාලනික වැඩක්.
👉 අන්‍යාගමිකයන් බුදු බණ අහනවා කියලා පෙන්වලා,
👉 සංහිඳියාව ඇති වෙලා කියලා සංහිඳියාව ගැන ව්‍යාජ මවාපෑමක් කරලා
සිංහලයා මුලා කරන්න කල වැඩක්.
( එවැනි වැඩ ජෙරම් එහෙමත් කරනවා )
🚨 ඉතින් අන්‍යාගමිකයන්ගේ බණ ඇහිල්ල ඔන්න ඔය තුනෙන් එකකට අනිවාර්යෙන් වැටෙනවා.
( ඊට අමතරව 0.01% වගේ 4 වෙනි කාණ්ඩයට වැටෙනවා. ඒ කාණ්ඩය ඉතාම කුඩා නිසා ඒක පැහැදිළි කරන්නෙ නෑ ලිපියත් දිග වෙන නිසා. )
👉 ඉතින් ඔවුන් කීයටවත් ඔවුන්ගේ ආගමේ ඉගැන්වීම් වැරදී කියන්නෙ නෑ.
ඒවා ප්‍රතික්ෂේප කරන්නෙත් නෑ.
👉 පල්ලියට වෙලා දනින් වැටිලා දෙවියන්වහන්සේගේ ආශිර්වාදය ඉල්ල ඉල්ල ඉන්නකොට
👉 දෙවියන්වහන්සේට තමන්ගෙ දුකක කියමින් ඉන්නකොට
👉 බෝම්බයකට අහුවුනාට පස්සෙ
👉 එම පල්ලියටම ආයෙත් ගිහින් දනින් වැටිලා එම දෙවිය්නගෙන්ම ආශිර්වාදය ඉල්ල ඉල්ල දෙවියන්වහන්සේට දුකක කියන මිනිස්සු
👉 කවදාවත් බුදු බණ පිළිගන්නෙ නෑ මිත්‍රවරුනි.
🚨 ඒත් එහෙම වෙලත්
අන්‍යාගමිකයන් එයාලගෙ ආගමේ සංකල්ප, විශ්වාසයන් උගන්වන්නෙ නැති බන මඩුවක ඉඳගන්නවා නම් ඒකෙ තේරුම තමයි මම අර කිවුව හේතු.
🚨 දැන් ඉතින් ඔය කත්නෝරුවෙ හාමුදුරුවන්ගෙ බන මඩුවෙ වෙන්නෙ මොකද්ද කියලා කියන්න මම හරියටම දනේ නෑ.
👉 මොකද මට දිවැස් නෑනෙ.
👉 හැබැයි මට එක දෙයක් ඉස්තීරව කිවුව හැකි.
ඒ ඔතන වෙන්නෙ අර මම කියාපු හේතු 3න් එකක් කියන එක.
👉 කත්නෝරුවෙ හාමුදුරුවන්ගෙ මීඩියා යුනිට් එක හෝ රසික පිරිස අන්‍යාගමිකයන්ගේ පැමිනීම ඉස්මතු කර කර පෙන්වන එක නම් වැටෙන්නෙ අර තුන්වෙනි කාණ්ඩයටම තමයි.
👉 හාමුදුරුවන්ටත් අන්‍යාගමිකයන්ගේ පැමිණීමේ ලොකු විශේෂත්වයක් වී තියන බවකුත් පේනවා.
👉 මට අනුව නම් උන්වහන්සේ බුද්ධ දේශනාව ගැන බන කියනවා නම් එවැනි විශේෂත්වයක් තියෙන්න බෑ.
👉 කවුරු ඇහුවත් නැතත්
👉 කවුරු ආවත් නැතත්
👉 ඒ හැමෝටම නිවැරදි බුද්ධ දේශනාව කියලා දෙන එකයි නියම බුද්ධ පුත්‍රයෙක් කරන්න ඕන.
👉 එහෙම නැතුව අන්‍යාගමිකයන්ගේ හිත් දිනාගන්න සංහිඳියා බන කියලා හරියන්නෙ නෑ.
🚨 ඒහෙම සංහිඳියා බන කිවුවොත් වෙන්නෙ මොකද්ද?
👉 අන්‍යාගමිකයන්ගේ අවධානය හා දේශපාලනික අවදානය නොඅඩුව ලැබෙනවා.
👉 එත් බෞද්ධයාට ලැබෙන කිසිම ප්‍රයෝජනයක් නම් නෑ.
🚨 සංහිඳියා බණ වලින් සසරින් එතෙර වෙන්න බෑ.
🚨 සංහිඳියා බණ වලින් ධර්මාවබෝධය ලැබෙන්නෙ නෑ.
🚨 සංහිඳියා බණ නිසා බෞද්ධයන් සසරේ තව තව අතරමං වෙනවා.
🚨 ඉතින් බණ කියනවානම් ස්වාමීන්වහන්සේලා බනට කියන්න ඕන
බුද්ධ දේශනාව ගැන හා සසුනේ පැවැත්මට මිසක් සංහිඳියා බණ , රැලි බණ වගේ ඒවා නෙමෙයි.
🚨 කත්නෝරුවෙ හාමුදුරුවන්ගෙ බණ වල
බුදු බණ සමග සංහිඳියා බණ , රැලි බණ එහෙමත් තියනවා.
🚨 නිවන, සසර ගමන, නියාම ධර්ම වලට විරුද්ධ අදහස් තියනවා.
අන්න ඒ නිසයි කත්නෝරුවෙ හාමුදුරුවන්ගෙ බණ අහන්න මම යොමු නොවුනෙ.
🚨 බුදුන්වහන්සේ සංහිඳියා බණ හෝ රැලි බණ කිවුවෙ නෑනෙ මිත්‍රවරුනි.
🚨 අත්තකිලමථානුයෝගයත් කාමසුඛල්ලිකානු යෝගයත් මිත්‍යාවක් කිවුවා.
🚨 මැදුම් පිළිවෙතයි නැවැරදි කිවුවා.
👉 එක අතකට හොඳ වෙලාවට බුදුන්වහන්සේ ඒ කාලෙ බිහි වුනේ.
👉 එහෙම නොවුනා නම් බොහෝ විට බුදුන්වහන්සේට ඒ ටික කියන්න වෙන්නෙත් නැති වෙයි.
👉 එහෙ නම් කියන්න වෙන්නෙ අත්තකිලමථානුයෝගය කරන අයත්, කාමසුඛල්ලිකානු යෝගය කරන අයත්,
මැදුම් පිළිවෙතේ යන අයත් ඔක්කොම එකම තැනකට යනවා කියලා තමා.
🚨 කෙසේ හෝ මට අවසාන වශයෙන් මේ සිදුවීම් ගැන කියන්න තියෙන්නෙ මෙච්චරයි.
👉 අන්‍යාගමිකයන් 99.99%ම කවදාවත් ඔවුන්ගේ ආගම් අතහරින්නෙ නෑ.
👉 අල්ලා,මුහම්මද්, යේසුස් කියූ දේවල් ප්‍රතික්ෂේප කරන්නෙ නෑ.
👉 ඒක තමයි ඇත්ත.
👉 ඒ නිසා අන්‍යාගමිකයන් බන අහන්න එන එක කිසිම තේරුමක් නැති බොරු වැඩක්.
👉 අනික අන්‍යාගමිකයන්ට වගේ ( විශේෂයෙන් මුසලිම් මිනිස්සුන්ට වගේ ) අන් අය අපේ ආගමට හරවාගත යුතුයි කියලා මට කිසිම අදහසකුත් නෑ.
👉 මට විතරක් නෙමේ එහෙම උවමනාවක් කිසිම බෞද්ධයෙකුට නෑ.
👉 ඒ නිසා අන්‍යාගමිකයන් බන ඇහුවත් නැතත් ඒකෙ විශේෂත්වයක් නෑ. එයාලා ඇහුවත් නැතත් අපි බන කියවනවා.
අපි බණ අහනවා.
(අන්‍යාගමිකයන්ට ඕන නම් බන අහපුවාවෙ නැති නම් නිකං හිටපුවාවෙ.
කවුරු හරි අන්‍යාගමිකයෙක් බන අහන්න ආවොත් අපි ඒවා කිසිසේත්ම උලුප්පලා පෙන්වන්න ඕනෙත් නෑ. මොකද ඒකෙන් කිසිම ප්‍රයෝජනයක් නෑ. එහෙම පෙන්වනවා නම් එතන අනිවාර්යෙන් වෙනත් අනවශ්‍ය වැඩක් වෙනවා. )
🚨 එතකොට අන්‍යාගමිකයන් බන ඇහිල්ලෙන් සංහිඳියාව ඇති වෙන්නෙ නැද්ද?
මිත්‍රවරුනි,
👉 සංහිඳියාව හැදෙන්නෙ තමන් කිසිසේත්ම පිළිනොගන්නා ආගමක දේශනාවක් අහන්න පැයක් දෙකක් පස්ස රත් වෙනකම් ඉඳගෙ ඉන්න එකෙන් නෙමෙයි.
👉 සංහිඳියාව හැදෙන්නෙ තමන්ගෙ ආගමේ අය අන්‍යාගමිකයන්ට කරන හිරිහැර වලට විරුද්ධ නැගීහිටින එකෙන්.
👉 කූරගල විනාශය ගැන ගැන අහක බලන් ඉඳලා
බන මඩුවක ඉඳගත්තට සංහිඳියාව ඇති වෙන්නෙ නෑ.
👉 කාත්තන්කුඩියෙ ශ්‍රී ලාංකිකත්වයට පිටුපාලා සවුදි අරාබියක් හදන එක නොදැක්කා වගේ ඉඳලා
බණ මඩුවක ඉඳගත්තට සංහිඳියාව ඇති වෙන්නෙ නෑ.
👉 බෞද්ධයාට සිදු වන අසාධාරණ අයුක්තිසහගත වැඩ වලට විරුද්ධව
වචනයක් වත් නොකියා ඉඳලා
බණ මඩුවක ඉඳගත්තට සංහිඳියාව ඇති වෙන්නෙ නෑ.
👉 කල යුතු දේවල් දහසක් තියෙද්දි ඒවා නොකර
වෙසක් එකට දන්සැල් දුන්නට,
සියලුම ආගමික සලකුණු ගහලා අටපට්ටම් බකට් හදලා
බෙල්ලෙ එල්ලගත්තත් සංහිඳියාව ඇති වෙන්නෙ නෑ මිත්‍රවරුනි.
👉 අන්න ඒක තේරුම් ගන්න.
👉 ඒ වැඩ නිකම්ම නිකං ප්‍රධර්ශන සංහිඳියාවක් විතරයි.
👉 අපිට ඕන ප්‍රධර්ශන සංහිඳියාවක් නෙමේ.
යුක්තිසහගත ප්‍රායෝගික සංහිඳියාවක්.
🚨 ඒ නිසා අපේ මේ සිංහල මෝඩයන්ට මම යෝජනා කරන්නෙ
සංහිඳියාව ජාතිවාදය වගේ වචන වල සැබෑ තේරුම මොකද්ද කියාලා පොඩ්ඩක් තේරුම් ගන්න. ( රැල්ලට යන්නෙ නැතුව )
🚨 ඒ වගේම මම අන්‍යාගමිකයන්ට යෝජනා කරන්නෙ මෙච්චරයි👇
👉 ඔයාලා අමාරුවෙන් අකමැත්තෙන් බණ අහන්න ඕන නෑ,
👉 අටපට්ටම් හදන්න ඕනත් නෑ
👉 දන්සැල් දෙන්න ඕනත් නෑ.
👉 ඒවා ඔක්කොම අපි කරගන්නම්.
👉 අපිට ඒවා කරගන්න බැරි කමකුත් නෑනෙ. ඔයාලා ඒවා කරනවා වෙනුවට
👉 ඔයාලගෙ සමාජයේ මිනිස්සු,
👉 ඔයාලගෙ සමාජයේ දේශපාලකයො බෞද්ධයාට කරන අයුක්තිසහගත අසාධාරණ වැඩ වලට විරුද්ධව ඉදිරියට එන්න.
ඒවා විසඳගන්න උදවු කරන්න.
👉 ශ්‍රීලාංකිකත්වය යට ගහලා සවුදි සංස්කෘතිය ලංකාවට ගේන එකට විරුද්ද වෙන්න.
👉 ඔයාලගෙම මිනිස්සුන්ගෙන්
බෞද්ධයාට කරදරයක් වුනාම
බෞද්ධයාට ශක්තියක් වෙන්න ඔයාලට බැරි නම්
බන අහන්න එක නෙමෙයි
පන්සලේ ඇබිත්ත කම කරලා
හාමුදුරුවන්ගෙ පඩික්කම් ටික හෝදන එක කලත්
සංහිඳියාව හැදෙන්නෙ නම් නෑ මිත්‍රවරුනි.
✍️ Parakrama Rajasingha
