
1987 වසරේ ජුනි 2 දා ම්ලේච්ඡ කොටි ත්‍රස්තවාදීන් විසින් සිදු කළ අරන්තලාව භික්ෂූ ඝාතනය ලාංකේය ඉතිහාසයේ ඛේදජනකම සිදුවීමකි. එදින සාමනේර භික්ෂූන් වහන්සේලා 32 දෙදෙනෙක් ඇතුලු සංඝයා වහන්සේලා තිස්තුන් නමක් සහ සහ ගිහියන් තිදෙනෙක් ම්ලේච්ඡ ත්‍රස්තවාදීන් විසින් ඝාතනය කරන ලදි. කොටි සංවිධානයේ කුරිරු සහ අන්තවාදී හැසිරීම පෙන්වන අරන්තලා භික්ෂු ඝාතනය සිදු කළ භූමියේ පසුව ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයක් සහ භික්ෂු ස්මාරකයක් ඉදිකර තිබේ.
ඒ අරන්තලාව සිදුවීමෙන් අපවත් කරන ලද ස්වාමීන් වහන්සේලා සහ සෙසු පිරිස සිහිපත් කිරීමටයි.එම භූමියේ ඉදිකිරීමට නියමිත අරන්තලා මහා සෑයට මුල් ගල් තැබීමේ උත්සවය අද දින(ඉල් පොහොය) පැවැත්වුණි. අතීතයේ පටන් අප බුද්ධ ශාසනයට සහ භික්ෂූන් වහන්සේලාට මුහුණ දීමට සිදුවූ අභියෝග සහ කම්කටොලු නිමක් නැත.නමුත් ඒ සෑම අවස්ථාවකම උන්වහන්සේලා ඉන්ද්‍රඛීලයක් සේ නොසැලී සිටිමින් බුද්ධ ශාසනයත්, බෞද්ධයාත් රැක ගැනීමට කටයුතු කළහ.අරන්තලා මහා සෑය අපගේ ආර්ය මහා සංඝ රත්නයේ කැපවීමේ, දෛර්යයේ සහ නොසැලෙන ගුණයේ සංකේතයක් වනු ඇත.







