රස්නෙ වැඩියි කියා යට ඇඳුමින් කොරෝනා සේවයේ යෙදුනු හෙදිය [Photos]

lankaSFnews
0
corona naked nurse

 පිරිමි කොරෝනා ආසාදිතයින් ප්‍රතිකාර ලබමින් සිටි රෝහල් වට්ටුවකට සිය යට ඇඳුමින් පැමිණි හෙදියක සම්බන්ධයෙන් පුවතක් රුසියානු විදෙස් මාධ්‍ය වාර්තා පසුගිය දිනවල වාර්තා කළා.එරට, මොස්කව් සිට සැතපුම් 100 ක් පමණ දුරින් පිහිටි රෝහලකයි මෙම සිදුවීම සිදුව තිබුණේ.


තම නිල ඇඳුම සමඟින් ආරක්ෂිත වස්ත්‍රය ඇඳීමෙන් ශරීරයට දැඩි උෂ්ණත්වයක් දැනීම හේතුවෙන් මෙම තීරණය ගත් බවත් එමගින් විනිවිද පෙනෙනවා කියා තමන් නොදැන සිටි බවත් ඇය කියා සිටියා.කෙසේ වෙතත් මේ වනවිට ඇයගේ සේවය අත්හිටුවා ඇති බවයි වාර්තා වන්නේ.


23 හැවිරිදි වියෙහි පසුවන මෙම හෙදියගේ නම නාඩියා බවයි විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කරන්නේ.එමෙන්ම මේ වනවිට ඇයගේ ඡායාරූප කිහිපයක් ද ඉතා වේගයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පවතිනවා.


මේ වනවිට මෝස්තර නිර්මාණ ක්ෂේත්‍රයේ සුප්‍රද්ධ ආයතන කිහිපයක් ද ඔවුන්ගේ සමාගම් සමග එක්වන ලෙස ද ආරාධනා කර ඇති බව සදහන්.කෙසේ වෙතත් ඇය එම යෝජනාව ප්‍රතික්ෂේප කරමින්, තමන්ගේ අරමුණ හෙද වෘත්තිය බවයි නාඩියා ප්‍රකාශ කර ඇත්තේ.

corona nurse world

Post a Comment

0 Comments
lankaSFnews Whatsapp channel
To Top