අවුරුදු 15 පිරිමි දරුවාව බරපතල ලිංගික අපයෝජනයකට ලක් කෙරූ විවාහක කත බන්ධනාගාරයට

lankaSFnews
0
married woman


 අවුරුදු 15 ක්‌ වයසැති පිරිමි දරුවකු බරපතළ ලෙස අපයෝජනයක්‌ සඳහා පොළඹවා ගැනීමේ චෝදනාවට ලක්‌වූ 29 වියෑති විවාහක කතක් රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට මහෙස්‌ත්‍රාත් සනත් නානායක්‌කාර මහතා ජූලි 31 දා දහවල් නියෝග කළේය.


මෙම කාන්තාව වින්දිත දරුවා හඳුනාගෙන ඇත්තේ මුහුණු පොත ඔස්‌සේය. එම දරුවා නිසි ලෙස පාසල් නොයන දරුවකු බව පැවසේ. දරුවා දැන හඳුනාගත් කාන්තාව ඔහු උපක්‍රමිකව තමන් ළඟට ගෙන්වාගෙන අවස්‌ථා කිහිපයකදී අපයෝජනය කර ඇති බව පොලිස්‌ පරීක්‍ෂණවලදී අනාවරණය වී තිබේ. ඉන්පසු දරුවා පදිංචි ප්‍රදේශයට ගොස්‌ ඇති බවත් මේ පිළිබඳව දරුවාගේ දෙමාපියන් පරිවාස නිලධාරීන් වෙත දැනුම් දීමෙන් පසු අදාළ කාන්තාව අත්අඩංගුවට ගත් බවත් පොලිසිය අධිකරණය හමුවේ කියා සිටියේය.


විවාහ වුව ද දරුවන් නොමැති මෙම විත්තිකාරිය මාස හතරක පමණ කාලයක්‌ පිරිමි දරුවා අපයෝජනයට ලක්‌ කොට ඇති බව ද එම නිලධාරීන් වැඩිදුරටත් අධිකරණයට කරුණු දක්‌වමින් කියා සිටියේය. ඒ අනුව කරුණු සලකා බැලූ මහෙස්‌ත්‍රාත්වරයා විත්තිකාරිය රක්‍ෂිත බන්ධනාගාරයේ තැබීමට නියෝග කළේය.


මෙහිදී වින්දිත දරුවා ද අධිකරණ වෛද්‍යවරයා වෙත යොමුකර වාර්තාවක්‌ ලබාගන්නා ලෙසට ද මහෙස්‌ත්‍රාත් නියෝග ලැබිණි.


මැදිරිගිරිය පොලිසිය පැමිණිල්ල මෙහෙය වූ අතර නීතිඥ සමිතා ජයසේකර මහත්මිය විත්තිය වෙනුවෙන් පෙනී සිටියාය.

Tags

Post a Comment

0 Comments
lankaSFnews Whatsapp channel

#buttons=(Accept !) #days=(20)

Our website uses cookies to enhance your experience. Learn More
Accept !
To Top