නිරෝෂන් දික්වැල්ලට ක්‍රිකට් තහනමක්..තහනම් උත්තේජක භාවිතා කරලා

lankaSFnews
1 minute read
0
lankaSFnews Whatsapp channel
niroshan dikwalla

 ලංකා ප්‍රිමිය ලීග් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය අතරතුර තහනම් උත්තේජක භාවිතා කර ඇති බවට තහවුරු වී ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම් දෙන තුරු සියලුම ක්‍රිකට් තරග සඳහා ක්‍රීඩා කිරීම අත්හිටුවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත.


ක්‍රිකට් ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ලගේ සියලු තරග තහනම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.


මෙම තහනම දින නියමයක් නොමැතිව බලාත්මක බව එහි සඳහන්.


තහනම් උත්තේජක නීති උල්ලංඝනය කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණේ, මෙවර එල්.පී.එල් තරගාවලිය අතරතුරු ශ්‍රී ලංකා තහනම් උත්තේජක මර්දන නියෝජිතායතනය විසින් සිදු කළ පරීක්ෂණයකට අනුවයි.


මෙම පරීක්ෂණය, ක්‍රීඩාවේ අඛණ්ඩතාව පවත්වා ගැනීම සඳහා SLC හි අඛණ්ඩ කැපවීමේ කොටසක් වව බව ද අදාළ නිවේදනයේ දැක්වෙනවා.


ක්‍රීඩා අමාත්‍යාංශයේ සහයෝගීතාවයෙන් සහ ලෝක තහනම් උත්තේජක මර්දන නියෝජිතායතනයේ (WADA) මාර්ගෝපදේශයන්ට අනුව මෙය ක්‍රියාත්මකයි.


ක්‍රිකට් තහනම් ද්‍රව්‍යවල බලපෑමෙන් නිදහස්ව පවතින බව සහතික කිරීම එහි අරමුණු වනවා.


ශ්‍රී ලංකා ක්‍රිකට්, ක්‍රීඩා අමාත්‍යංශය සහ ශ්‍රී ලංකා තහනම් උත්තේජක මර්දන නියෝජිතායතනය සමඟ එක්ව තහනම් උත්තේජක විරෝධී උල්ලංඝනයන්ගෙන් ක්‍රීඩාව ආරක්ෂා කර ගැනීම සඳහා අහඹු ලෙස දේශීය තරඟාවලි අතරතුර මෙම පරීක්ෂණ පවත්වනු ලබනවා.


පිරිසිදු හා සාධාරණ ක්‍රීඩාවක් සඳහා කැපවීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අතිශයින් වැදගත් වනවා.


නීති උල්ලංඝනය කිරීම් පිළිබඳ ඕනෑම චෝදනාවක් ඉහළම මට්ටමින් බැරෑරුම් ලෙස සලකන බවයි අදාළ නිවේදන‌යේ වැඩිදුරටත් දක්වා ඇත්තේ.

Tags

Post a Comment

0 Comments

Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by

#buttons=(Accept !) #days=(20)

Our website uses cookies to enhance your experience. Learn More
Accept !
To Top