දිලිත්ගේ මංගල ජනරැළිය යාපනෙන් ආරම්භ කරයි

lankaSFnews
0
dilith jayaweera

 සර්වජන බලයේ ජනාධිපති අපේක්ෂක දිලිත් ජයවීර මහතාගේ ජය තහවුරු කෙරෙන ප්‍රචාරක රැළි මාලාවේ මංගල ජනරැළිය හෙට (17) සෙනසුරාදා යාපනයේ රක්කාපාර පිට්ටනියේදී පැවැත්වෙන බව එම සන්ධානයේ මැතිවරණ මෙහෙයුම් ප්‍රධානී හා පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසනවා.


ජාතික මට්ටමේ දේශපාලන සන්ධානයක් යාපනයෙන් ජනාධිපති සටන අරඹන්නේ ඉතිහාසයේ පළමු වතාවට බවද ගම්මන්පිල මහතා පවසනවා.


මෙවර ජනාධිපතිවරණය වෙනුවෙන් සාම්ප්‍රදායික මැතිවරණ ප්‍රකාශනයක් වෙනුවට උපායමාර්ගික වැඩසටහනක් ක්‍රියාත්මක කරන එකම ජනාධිපති අපේක්ෂකවරයා දිලිත් ජයවීර බවද ගම්මන්පිල මහතා වැඩිදුරටත් සඳහන් කළා.

Post a Comment

0 Comments
lankaSFnews Whatsapp channel
To Top