ලංකා කම්කරු කොන්ග්‍රසයේ සහාය ජනපතිට

lankaSFnews
1 minute read
0
lankaSFnews Whatsapp channel

 ජනාධිපතිවරණයේදි ලංකා කම්කරු කොන්ග්‍රසයේ සහාය රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දීමට එම පක්ෂයේ ජාතික සභාව අද (18) දින තීරණය කළ බව ලංකා කම්කරු කොන්ග්‍රසයේ මහ ලේකම් අමාත්‍ය ජිවන් තොණ්ඩමන් මහතා පවසනවා.


අමාත්‍යය ජිවන් තොණ්ඩමන් මහතා ඒ බව කියා සිටියේ  අද (18) දින හැටන් කොටගල ලංකා කම්කරු කොන්ග්‍රස් මුලස්ථානයේදි මාධ්‍ය හමුවක් පවත්වමින්.


මෙම මාධ්‍ය හමුවේදි අදහස් දැක් වු එම පක්ෂයේ මහ ලේකම් අමාත්‍ය ජිවන් තොණ්ඩමන් මහතා කියා සිටියේ තම පක්ෂයේ ජාතික සභාවේ සමාජිකයන් එක් වී ජනාධිපතිවරණයේදි සහාය ලබාදෙන අපෙක්ෂකයා සම්බන්ධයෙන් දිර්ඝ වශයෙන් සාකච්ඡා කළ බවයි.

එම සාකච්ඡාවේදි ජාතික සභාවේ සියළුම සමාජිකයන් ඒකමතිකව ජනාධිපති අපෙක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්විමට තිරණය කළ බවද ජිවන් තොණ්ඩමන් මහතා පැවසුවා.


වසර දෙකක කාලයක් මේ රටේ පැවති ආර්ථික ගැටළු විසඳමින්, වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරිමට සහ එම ජනතාවගේ යටිතල පහසුකම් නංවාලිමටත්, ඉඩම් අයිතිය ලබාදිමට එකඟ වි ඇති නිසා ජාතික සභාව එම තිරණය ගත් බවද ජිවන් තොණ්ඩමන් මහතා පැවසුවා.


ලංකා කම්කරු කොන්ග්‍රසයේ සහ ජනාධිපති අපෙක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා අතර ගිවිසුමක් අත්සන් කිරිමට නියමිත බවද ජිවන් තොණ්ඩමන් මහතා පවසනවා.


මෙම මාධ්‍ය සාකච්ඡාවට ලංකා කම්කරු කොන්ග්‍රසයේ සභාපති නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන්, එම පක්ෂයේ භාණ්ඩාගාරික ප.ම මරුදපාණ්ඩි රමේෂ්වරන් යන මහතුන්ද සහභාගි වුණා.

Post a Comment

0 Comments

Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by

#buttons=(Accept !) #days=(20)

Our website uses cookies to enhance your experience. Learn More
Accept !
To Top