
සිය බාල පුතා විසින් තියුණු ආයුධයකින් වෙන් වෙන්නම පියාගේ පුරුෂ ලිංගය කපා ඉවත් කර දමා ඇතැයි කියන පුද්ගලයෙක් අසාධ්‍යව මැයි 01දා කෑගල්ල මහ රෝහලට ඇතුළත් කර ඇති බව රඹුක්කන පොලීසිය පවසනවා.
උඩගම, යටගම රඹුක්කන පදිංචිච්ච සිටින 58 හැවිරිදි තිදරු පියෙකු මෙම සිද්ධියට මුහුණදී තිබෙන බවයි වාර්තා වන්නේ.
මොහුට පිරිමි දරුවන්ම තිදෙනෙක්ම සිටින බවත් ඔවුන් වයස අවුරුදු 28 – 35 අතර පුද්ගලයන් බවත් පොලීසිය ප්‍රකාශ කර සිටියා.
පොලීසිය පැවසුවේ, ඔවුන් රැකියා නොකරන බවත් නිවසට වී සිටින බවත් කළ විමර්ශන කටයුතු වලදී අනාවරණය වූ බවයි.
තුවාලකරු කාලයක සිට බිරිද සමග ගැටුම් ඇතිකර ගත් බව පොලිස් පරීක්ෂණ වලදී හෙළිවී තිබෙනවා.
ඉකුත් 30 වැනිදා රාත්‍රී පළමු හා තෙවැනි පිරිමි දරුවන් සමග මවුපියන් නිවසේ සිට ඇති අතර දෙවැනි පිරිමි දරුවා නිවසින් බැහැරව සිට ඇති බවත් පොලිසිය ප්‍රකාශ කළා.
රාත්‍රි 7.30 ට පමණ තුවාලකරු මත්පැන් පානය කර නිවසට පැමිණි සුපුරුදු පරිදි බිරිඳ සමග බහින් බස් වීමක් සිදුව ඇති අතර එහිදී තුවාලකරු බිරිදට පහර දීම් කිහිපයක් සිදු කර ඇති බවත් එම අවස්ථාවේ දී තුවාලකරු ඇද සිට සරම ගැලවී බිමට වැටී ගොස් ඇති බවත් පොලිසිය අවධාරණය කළා.
පොලීසිය සඳහන් කළේ, එම අවස්ථාවේ දී 28 හැවිරිදි බාල පිරිමි දරුවා තියුණු ආයුධයකින් පියාගේ පුරුෂ ලිංගය වෙන් වෙන්නම කපා විසි කර දමා ඇති බවයි.
පසුව තුවාලකරු නිවසින් එළියට පැමිණ රාත්‍රී කාලයේ කැළේ සැඟව සිට පෙරේදා (01) අසාධ්‍යව වූ අවස්ථාවේ දී රඹුක්කන රෝහලට පැමිණ ඇතුළත් වී ඇති බව ද පොලිසිය ප්‍රකාශ කළා.
රඹුක්කන රෝහලේදී ප්‍රතිකාර ලබාදීමෙන් පසු හෙතෙම වැඩිදුර ප්‍රතිකාර සඳහා කෑගල්ල මහ රෝහලට මාරු කර එවා ඇති අතර, කෑගල්ල මහ රෝහලේ දී තුවාලකරුට ශල්‍ය කර්මයක් සිදු කර තිබෙනවා.
දැනට තුවාලකරු අසාධ්‍යව කෑගල්ල මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවත් සැකකාර පුත්‍රයා රක්කන පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන තිබෙන බව පොලීසිය පැවසුවා.