
ලොව වඩාත්ම ජනප්‍රිය ෆෝන් මාදිලියක් වන 'iPhone' අලෙවිය 10% කින් පහත වැටී තිබෙනවා.
එය සමාගමේ සමස්ත අලෙවිය පහත වැටීමට බලපා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.
ඒ අනුව ඇපල් සමාගමට, වසරකට වැඩි කාලයක් තුළ සිදුවූ විශාලතම අලෙවි පහත වැටීම මෙය වනු ඇති.
මෙම වසරේ පළමු මාස 03 තුළ එහි අලෙවිය සියයට 4කින් පහත වැටී තිබෙනවා.
ඒ අමෙරිකානු ඩොලර් බිලියන 91ක් ලෙසයි.
ආදායම 4% ක පහත වැටීමක් තිබියදීත්, 'Apple' තවමත් ඩොලර් බිලියන 24 කට ආසන්න ලාභයක් වාර්තා කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.
කෙසේ වෙතත් එය පෙර වසරට සාපේක්ෂව 2% කට වඩා අඩු වීමක්.
විශ්ලේෂකයින් තුන්වන කාර්තුවේ 1.3% වර්ධනයක් අපේක්ෂා කරන බවද සඳහන්.
කෙසේ වෙතත් මේ වනවිට ගෝලීය ස්මාර්ට්ෆොන් අලෙවිය ඉහළගොස් තිබෙනවා.
එවන් පසුබිමක ලොව වඩාත් ජනප්‍රියතම ෆෝන් මාදිලිය ලෙස සැළකෙන 'iPhone' අලෙවිය පහත වැටීම පුදුමයට කරුණක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ.
'Apple' සමාගම ප්‍රකාශ කර ඇත්තේ 'iPhone' අලෙවිය පසුගිය වසර හා සැසඳීමේදී දුෂ්කරතාවකින් පීඩා විඳි බවත්, පෙර පැවති බාධාවන්ගෙන් පසු යළි එහි විකුණුම් ඉහළ ගොස් ඇති බවයි.
ආයෝජකයින් අනාගත වර්ධනයක් ලෙස තවදුරටත් 'iPhone' අපේක්ෂා කරන බවද විශේලේෂකයින් පෙන්වා දෙනවා.
AI විශේෂාංග ඇතුළත් නව 'iPhone' මාදිලියක් හඳුන්වාදීමට සමාගම සමත් වුවහොත් එය ඇන්ඩ්‍රොයිඩ්වලට අභියෝගයක් වනු ඇති බව ඔවුන්ගේ අදහසයි.