පෑලියගොඩදී ගණිකාවන් ඇසුරු කෙරූ අය ප්‍රවේසම් වන්න...ඔක්කොටම සමාජ රෝග

lankaSFnews
0
peliyagoda


 පෑලියගොඩ පොලිස් වසමේ දින කිහිපයක් තුළ සිදුකළ වැටලීම්වලින් පොලිසිය භාරයට ගත් වීදි ගණිකාවන් විසි පස් දෙනකු සමාජ රෝගවලට ගොදුරු වී ඇතැයි වෛද්‍ය පරීක්ෂණ මගින් අනාවරණය වී තිබේ.


මෙම කාන්තාවන් පෑලියගොඩ මධ්‍යම වෙළෙඳ සංකීර්ණය, මත්ස්‍ය වෙළෙඳපොළ, පට්ටිය හංදිය, වෙදමුල්ල ඇතුළු ප්‍රදේශවලදී පෑලියගොඩ මූලස්ථාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.


පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ යුක්තිය මෙහෙයුමට සමගාමීව පෑලියගොඩ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක එන්.ඒ කළුවිතාරණ ඇතුළු නිලධාරීන් විසින් පසුගිය සතියේ මෙම වැටලීම සිදුකර තිබුණේ මත්ද්‍රව්‍ය භාවිත කිරීම සඳහා ගණිකා වෘත්තියේ නිරත කාන්තාවන් සම්බන්ධයෙන් ලද තොරතුරු මතය.


මේ අනුව කාන්තාවන් විසි පස් දෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් කොළඹ අංක 05 මහේස්ත්‍රාත් අධිකරණයේ අවසර මත වෛද්‍ය පරීක්ෂණ සඳහා යොමු කිරීමට පියවර ගෙන තිබුණි.


මේ අනුව කොළඹ ජාතික රෝහලේදී මෙම කාන්තාවන්ගේ ලේ සාම්පල රැගෙන කරන ලද පරීක්ෂණවලදී මෙම කතුන් විසි පස් දෙනාටම ගොනෝරියා, හර්පීස් වැනි සමාජ රෝග වැළඳී ඇතැයි හඳුනාගෙන ඇත.


මොවුන් බන්ධනාගාර රෝහලේ වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර හා පුනරුත්තාපන ක්‍රියාවලියකට යොමුකිරීමට අධිකරණය අවසර ලබාදී ඇත.


පෑලියගොඩ පොලිස් වසමේ සිට ඇති මෙම කාන්තාවන් ලිංගිකව ඇසුරු කළ පුද්ගලයන් තම ශරීර සෞඛ්‍ය ගැන සැලකිලිමත් වන ලෙසත් වෛද්‍ය පරීක්ෂණවලට යොමුවන ලෙසත් පෑලියගොඩ පොලිසිය ඉල්ලා සිටියි. එසේම වීදි ගණිකාවන් හෝ ගණිකා වෘත්තියේ නිරත වන කාන්තාවන් ඇසුරු කිරීමේදී සැලකිලිමත් වන ලෙස ද පොලිසිය සඳහන් කර සිටියි. 

Tags

Post a Comment

0 Comments
lankaSFnews Whatsapp channel
To Top