මැයි දිනේදි කොළඹ කුණු අදින්න කම්කරුවන් 1000ක් යොදවලා

lankaSFnews
0

may day sri lanka

 

කම්කරු දිනය යෙදී ඇති අද (මැයි 1) කොළඹ නගරය සුද්ධ පවිත්‍ර කිරීමට 1000ක කම්කරු කණ්ඩායමක් යොදවන බව කොළඹ මහනගර සභාවේ ඝන අපද්‍රව්‍ය කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂිකා ඉන්ජිනේරු ශහිනා එම්. මයිශාන් පැවසීය.


වෙනත් දිනවලදී කොළඹ නගරය සුද්ධ පවිත්‍ර කිරීමට යොදන 700ක් පමණ වූ සේවක කණ්ඩායමට අතිරික්තව තවත් 300ක පිරිසක් මෙසේ සේවයට යොදා ඇතැයි මයිශාන් මහත්මිය කීවා ය.


දේශපාලන පක්ෂ හා වෘත්තීය සමිති සංවිධානය කරන මැයි රැලි හා පෙළපාළි මඟින් කොළඹ නගරයට අද දිනයේ එකතු වන අපද්‍රව්‍ය කඩිනමින් ඉවත් කිරීම මෙම කණ්ඩායමේ මූලික අරමුණ යැයි ඇය පැවසුවා ය.


1000කට අධික මෙම කම්කරු බළඇණිය අද පැය 24 පුරා දිවා රෑ නොබලා සේවයෙහි නිරතවනු ඇතැයි ද මයිශාන් මහත්මිය සඳහන් කළා ය.


ඒ අනුව කම්කරු දිනයෙන් පසුව මැයි 2 වන දා කොළඹ නගරයට සේවා සපයා ගැනීම ඇතුළුව රාජකාරියට පැමිණෙන සාමාන්‍ය ජනතාවට පිරිසුදු නගරයක් දැකගැනීම සැලැස්වීමට කොළඹ මහනගර සභාව සිය උපරිමයෙන් මැදිහත් වන්නේ යැයි ඉන්ජිනේරු ශහිනා මයිශාන් මහත්මිය වැඩිදුරටත් සඳහන් කළා ය.


රවිශාන් ප්‍රනාන්දු

Tags

Post a Comment

0 Comments
lankaSFnews Whatsapp channel

#buttons=(Accept !) #days=(20)

Our website uses cookies to enhance your experience. Learn More
Accept !
To Top