පොහොට්ටුවේ ලොහාන්ගේ සහායත් රනිල්ට

lankaSFnews
0
lohan


 ඉදිරි ජනාධිපතිවරණයේදී යනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දෙන බව වැවිලි කර්මාන්ත සහ මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පැවසීය.


රත්වත්තේ මහතා පාර්ලිමේන්තුවට තේරීපත්වූයේ ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණ නියෝජනය කරමිනි.


"2020-2021 යම් යම් කාල පරිච්ඡේද තුල යම් යම් හේතුන් මත අපේ පක්ෂයේත් අපේ වැරදි තිබුණා, ලෝක ආර්ථික ප්‍රශ්ණත් තිබුණා, කොවිඩ් වසංගතයත් ආවා. ඒ සියලු දේ අපේ රජයට පාලනය කරගන්න බැරි අවස්ථාවක ඔබ මේ වගකීම භාර අරගෙන දැන් අවුරුදු දෙකකට ආසන්න කාලයක් වෙනවා ඒ කාලය තුළ මේ රට ඉතාම ස්ථාවර තත්ත්වයකට. අනාගතයක් පේන තත්ත්වයකට ගෙන ඒම පිලිබඳව අපි ඔබතුමාට ප්‍රසංශා කරනවා.


ඉදිරි අනාගතයේදී ඔබතුමා මේ රට භාරගන්න මම පෞද්ගලිකව ඔබතුමාගේ වැවිලි කර්මාන්ත හා මහවැලි සංවර්ධන අමාත්‍යවරයා හැටියට මගේ උපරිම සහය මම ඔබතුමාට ලබා දෙනවා" යැයි ඔහු එහිදි අදහස් දක්වමින් පැවසුවා

Tags

Post a Comment

0 Comments
lankaSFnews Whatsapp channel

#buttons=(Accept !) #days=(20)

Our website uses cookies to enhance your experience. Learn More
Accept !
To Top