
ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයන් දිරිගැන්වීම සහ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට පුමුඛත්වය ලබා දීමේ අරමුණෙන් එම ක්‍රීඩකයන් සඳහා ලබාදෙන ගෙවීම් සියයට 100කින් ඉහළ නැංවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.
එක් එක් ක්‍රීඩකයාගේ තරග කොන්ත්‍රාත්තුව මත පදනම්ව මෙම ගාස්තු ඉහළ නැංවීම සිදුකෙරෙනු ඇත.
මේ වනවිට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ටෙස්ට් ක්‍රීඩකයෙකුට එක් ටෙස්ට් තරඟයක් වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් 7,500 ක මුදලක් එනම් රුපියල් ලක්ෂ 22 කට ආසන්න මුදලක් ගෙවනු ලබනවා.
ඒ අනුව තරඟ ජයග්‍රහණයකදී ක්‍රීඩකයකුට ටෙස්ට් තරගයක් සඳහා අමෙරිකානු ඩොලර් 15,000කට ආසන්න මුදලක් හිමි වීමට නියමිත වේ. ශ්‍රී ලංකා මුදලින් එම අගය රුපියල් ලක්ෂ 44කට ආසන්න වේ. ජය පරදුමෙන් තොරව අවසන් වන තරගයක ක්‍රීඩකයකුට ඩොලර් 12,500 ක මුදලක් හිමිවේ.
එමෙන්ම තරග පරාජයකදී ක්‍රීඩකයකුට ඩොලර් 10,000 ක් හිමිවන ආකාරයට නව ගෙවීම් වැඩි කර ඇත.