පරණ පෙම්වතිය සමඟ සබඳතාවක් පවත්වාගෙන ගිය තරුණයාට වුන දේ

lankaSFnews
0

knife girl boy

 

සිය පරණ පෙම්වතිය සමඟ සබඳතාවක් පවත්වාගෙන ගියැයි උරණ වූ තරුණයකු තවත් තරුණයෙකුගේ ගෙලට තියුණු ආයුධයකින් පහරදී පලා ගොස් ඇතැයි කහතුඩුව පොලිසිය පවසයි.


පහර කෑමෙන් බරපතල තත්ත්වයේ පසු වූ තරුණයා ප්‍රතිකාර සඳහා වෑතර දිසාරෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව පොලීසිය කියයි.


තරුණිය මෙම සැකකරු සමග ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇති අතර එම සම්බන්ධතාවය මීට මාස කිහිපයකට පෙර නැවැත්වීමෙන් පසු පහර කෑමට ලක් වූ තරුණයා සමග අලුතින් සම්බන්ධතාවයක් ආරම්භ කර ඇතැයි පොලීසිය කියයි.

Tags

Post a Comment

0 Comments
lankaSFnews Whatsapp channel

#buttons=(Accept !) #days=(20)

Our website uses cookies to enhance your experience. Learn More
Accept !
To Top