36 හැවිරිදි ඇමරිකානු අසභ්‍ය නිලි කැග්නි ලින් කාර්ටර් දිවි නසාගනී

lankaSFnews
0
Kagney Linn Karter


 ඇමරිකාවේ ප්‍රකට අසභ්‍ය චිත්‍රපට නිළියක වන කැග්නි ලින් කාර්ටර්(Kagney Linn Karter) පෙබරවාරි 15 ඔහියෝ ප්‍රාන්තයේ ක්ලීව්ලන්ඩ් හි ඇගේ නිවසේදී සියදිවිහානි කරගෙන සිටියදී සොයා ගත් බව එරට පුවත් වාර්තා සඳහන් කරයි.

මියයන විට ඇගේ වයස අවුරුදු 36 පමණි. පෝර්න් තරුවක් ලෙස වැජඹෙන කාලයේ ඇය යහමින් මුදල් හම්බකළත් පසුගිය කාලයේ ඇය ආර්ථික ප්‍රශ්න මැද ජීවත්ව තිබේ.


එසේම පාළුව හා තනිකම නිසා ඇය මානසික පීඩාවන්ගෙන්ද පෙළී ඇත. දිවි නසාගැන්මට හේතු සඳහන්ව නැත. ඇය වාසය කළ නිවසේ සිටියේ මව සමගිනි.

මව වන ටීනා ඇගේ අවමංගල්‍ය කටයුතු සඳහා අරමුදල් මදි බව පෙන්වාදී ඇති අතර මුදල් රැස් කිරීමට ඇයගේ මිතුරන් විසින් GoFundMe පිටුවක් පිහිටුවා අන්තර්ජාල පරිත්‍යාගශීලීන්ගේ උදව් අපේකෂා කර තිබේ.


කැග්නි ලින් කාර්ටර් කාරුණික සහ ත්‍යාගශීලී ස්වභාවයෙන් යුතු කෙනෙකු බව ඇය පවත්වාගෙන ගිය ‘ඇල්කෙමි පෝල් ෆිට්නස්‘ නම් නැටුම් චිත්‍රාගාරයේ සේවිකාවන් පවසා තිබේ.

ඔවුන් ප්‍රකාශ කර සිටියේ ඇගේ සුන්දරත්වයට වඩා, ඇගේ සුන්දර නැටුම්, ඇගේ ගායනය, ඇගේ විස්මිත රංගනය, ඇගේ ව්‍යාපාරික දැනුම සහ උපදේශක සහතික කිරීම් වැනි දෑ ඇයට විශ්වාසවන්ත රසික පිරිසක් ගොඩනැගීමට හේතු වූ බවය.


පෙබරවාරි 10 වෙනිදා නිළියගේ අවසාන ඉන්ස්ටග්‍රෑම් සටහනේ ඇය “හායි ෆ්ලොරිඩා” යන ශීර්ෂ පාඨය සහිත වෙරළේ සිටිමින් බිකිනි ඇඳගත් පින්තූරයක් පළකර තිබී ඇත.


ඇය වැඩිහිටි කාමුක දර්ශන වලට පිවිසීමට පෙර, මිසූරි හි නර්තන ශිල්පිනියකි.

ඇය 2008 සැප්තැම්බර් මාසයේදී කාමුක කර්මාන්තයට පිවිසි අතර, වැඩිහිටි චිත්‍රපට චිත්‍රාගාරය වන නෝටි ඇමරිකා සඳහා ඇයගේ පළමු දර්ශනය පටිගත විය.

Post a Comment

0 Comments
lankaSFnews Whatsapp channel

#buttons=(Accept !) #days=(20)

Our website uses cookies to enhance your experience. Learn More
Accept !
To Top