තරුණයෙකු ලෙස අඟවා සිසුවියක් සමඟ ප්‍රේම සබඳතා පවත්වා නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍යට දැමූ තරුණියක් අත්අඩංගුවට (VIDEO)

lankaSFnews
0
matara love


 තරුණයෙකු ලෙස අඟවා 15 හැවිරිදි සිසුවියක් සමග ප්‍රේම සබඳතාවක් පවත්වාගෙන යමින් එම සිසුවියගේ නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍ය වෙත මුදාහැරි ගලෙන්බිඳුණු වැව ප්‍රදේශයේ 19 හැවිරිදි තරුණියක් ලබන මස 4 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.


සමාජ මාධ්‍ය ඔස්සේ ඔවුන් දෙදෙනා වසරකට ආසන්න කාලයක් එම ප්‍රේම සබඳතාව පවත්වාගෙන ගොස් තිබූ අතර තරුණයෙකු ලෙස පෙනී සිට ඇත්තේ තරුණියක් බව සිසුවිය දැනගෙන තිබුණේ ඇය අත්අඩංගුවට පත්වූ අවස්ථාවේදීයී.


ගලෙන්බිඳුනුවැව ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි තරුණියක් සමාජ මාධ්‍ය ඔස්සේ හඳුනාගත් මාතර ප්‍රදේශයේ පදිංචි 15 හැවිරිදි සිසුවියක් සමඟ ප්‍රේම සබඳතාවයක් ගොඩ නගාගෙන තිබුණා.


එහිදී 19 හැවිරිදි තරුණිය 15 හැවිරිදි සිසුවියට තමන්ව හඳුන්වා දී තිබුණේ පිරිමි පුද්ගලයෙක් ලෙසයි.


ඇය දුරකථනය ඔස්සේ පිරිමි පුද්ගලයෙකුගේ හඬින් අමතමින් මෙම සබඳතාව පවත්වාගෙන ගොස් තිබෙනවා.


වසරක පමණ කාලයක් එම සබඳතාව පවත්වාගෙන ගොස් තිබූ අතර, 15 හැවිරිදි සිසුවිය සිය නිරුවත් ඡායාරූප සහ දර්ශන ද තම පෙම්වතා ලෙස පෙනී සිටි තරුණියට සමාජ මාධ්‍ය ඔස්සේම යොමුකර තිබුණා.


පසුව එම තරුණිය 15 හැවිරිදි සිසුවියට පවසා ඇත්තේ තමන්ව හමුවීමට පැමිණෙන ලෙසයි.


එහෙත්, සිසුවිය එය ප්‍රතික්ෂේප කිරීම හමුවේ පෙම්වතා ලෙස පෙනි සිටි තරුණිය ඇයට තර්ජනය කර තිබුණේ හමුවීමට නොපැමිණියහොත් මීට පෙර ඇය එවූ ඇගේ නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍ය වෙත යොමුකරන බවටයි.


කෙසේ වෙතත් සිසුවිය දිගින් දිගටම හමුවීමට පැමිණීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් 19 හැවිරිදි තරුණිය 15 හැවිරිදි සිසුවියගේ නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබෙනවා.



Post a Comment

0 Comments
lankaSFnews Whatsapp channel

#buttons=(Accept !) #days=(20)

Our website uses cookies to enhance your experience. Learn More
Accept !
To Top