25 හැවිරිදි තරුණයා 49 හැවිරිදි කාන්තාවට දෙන්න රත්තරන් බඩු හොරකම් කරලා

lankaSFnews
0

gold woman jaffna
 

අනියම් ඇසුරක් පවත්වා ගෙන යන කාන්තාවකට වැලන්ටයින් දිනයේදී තෑගි කිරීම සදහා යාපනයේ නිවසකින් රත්තරන් පවුම් 29ක ස්වර්ණාභරණ සොරකම් කළ තරුණයෙකු හා තෑගි වශයෙන් ඒවා ලබා ගත් කාන්තාවක් කන්කසන්තුරේ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.


මෙලස අත්අඩංගුවට ගත් තරුණයා අවුරුදු 25 හැවිරිදිවියේ පසු වන අතර කාන්තාව වයස අවුරුදු 49 ක් බවයි පොලිසිය සඳහන් කළේ.


අනියම් පෙම් සබදතාවයක් පවත්වා ගෙන ගිය තරුණයා විසින් ලබා දුන් ස්වර්ණාභරණ වලින් අදාල කාන්තාව පවුම් හතරක රන් මාලයක් යාපනය නගරයේ ස්වර්ණාභරණ අලෙවි සැලකට උකස් තැබීමට ගිය අවස්ථාවේදී වෙළදසැල් හිමියාට ඇති වූ සැකයක් මත පොලිසියට දැනුම් දී තිබෙනවා.


පසුව පොලීසිය පැමිණ කාන්තාව අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී ඇය සියල්ල පොලිසියට පවසා තිබෙනවා.


පොලීසිය රන් භාණ්ඩ සොරකම් කළ තරුණයාද අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.

Tags

Post a Comment

0 Comments
lankaSFnews Whatsapp channel
To Top