හලාල් සෙක්ස් ෂොප් තුර්කියේදී ආරම්භ වෙයි

lankaSFnews
halal sex shop

 ඉස්ලාමික හලාල් ලිංගික සේවා ආයතනයක් තුර්කියේදී ආරම්භ කර ඇතැයි විදෙස් වාර්තා සදහන් කරයි.Halal Sex Shop වෙබ් අඩවිය මගින් මෙය පිහිටුවීමට ක්‍රියා කර ඇති අතර මෙය තුර්කියේ ආරම්භ කල පළමු ඉස්ලාමික ලිංගික වෙළදසල ලෙස වාර්තා අතරට එක්වේ.

කොන්ඩම්,සම්බාහන තෙල් වර්ග සහ සුවද ආලේපන වර්ග මෙහි අලෙවි කෙරෙන අතර ඒ සෑම නිපැයුමක්ම ආරක්‍ෂිත සහ ඉස්ලාම් දහමට අනුකුලව සකසා ඇති බව මෙම වෙබ් අඩවියේ නිර්මාණකරුවන් සහතික කර තිබේ.මීට පෙර යුරෝපිය රටවල් කීපයක හා මැදපෙරදිග රටවල් හලාල් ලිංගික සේවා ආයතන පිහිටුවා තිබේ.


මෙම සෞඛ්‍යාරක්ෂිත ලිංගික උපකරණ ලබා ගැනීමට කාන්තාවන් සහා පිරිමි පාර්ශව සදහා ප්‍රවේශ මාර්ග දෙකක් පිහිටුවා තිබීමද මෙහි ඇති විශේෂත්වයකි.

Halal Sex Shop වෙබ් අඩවියේ ක්‍රියාකරුවන් සදහන් කරන්නේ එමගින් එකිනෙකාගේ පෞද්ගලිකත්වයට කිසිදු හානියක් ඇති නොවන බවයි.

එමෙන්ම මෙම වෙබ් අඩවිය මගින් ලිංගිකව හැසිරීම,ලිංගික සදාචාරත්වය,ඉස්ලාමිකයන්ගේ ලිංගික ජීවිතය,ඉස්ලාම් ආගමේ සදහන් වන පරිදි ලිංගිකත්වය යනාදිය පිළිබද සාකච්චා කිරීමටද මෙම වෙබ් අඩවිය මගින් අවස්ථාව සලසා දෙන බවද සදහන් වේ.

මෙමගින් ලිංගික හැසිරීම්ඉස්ලාම් ආගමට පටහැනි බවට ඇතැමුන් දරන මිත්‍යා මත ඉවත් කරමින් සෞඛ්‍ය සම්පන්න දිවිපෙවෙතක් ඉස්ලාමිකයන් හට හිමි කර දිය හැකි බව මෙම වෙබ් අඩවි නිර්මාණකරුවන්ගේ අදහස වී ඇත.

කෙසේ වෙතත් ගතානුගතික මත දරන තුර්කි අගමැති Recep Tayyip Erdogan පසුගිය වසරේ පවසා තිබුනේ මෙම වෙළදසැල් ආදර වෙළදසැල් ලෙස නම් කරන ලෙසයි. 

මුලාශ්‍ර:

#buttons=(Accept !) #days=(20)

Our website uses cookies to enhance your experience. Learn More
Accept !
To Top