ලංකාවේදී ජාත්‍යන්තර සාම පාද යාත්‍රාව සිදු වන්නේ මෙහෙමයි.

lankaSFnews
0
walk for peace sri lanka

 අහිංසාවාදී පණිවිඩය ලොවට ගෙන යන ජාත්‍යන්තර සාම පාද යාත්‍රාවට සමගාමීව ලංකාවේදී එම ස්වාමින් වහන්සේලා සිදු කරනු ලබන සාම පාද යාත්‍රාව අප්‍රේල් 22 දින උදෑසන ආරම්භ වන අතර අප්‍රේල් 28 වන දින එය නිමා වීමට නියමිතය. 


අසදිස පූජාව අප්‍රේල් 21 පස්වරු 3ට රුවන්වැලි මහා සෑ පුදබිමේදී ආරම්භ වූ අතර, එය සිදු වූයේ වියට්නාම ජාතික පූජ්‍ය පඤ්ඤාකර හිමි ඇතුලු මහා සංඝරත්නයේ වැඩමවීමෙනි. 


පොලීසිය පැවසුවේ ඒ සඳහා පොලිස් නිලධාරින් 200 කට අධික පිරිසක් යොදවා තිබූ බවයි.


සාම පාගමනේ පූර්ණ සම්බන්ධීකරණය සිදුකරන්නේ සිරස මාධ්‍ය ජාලයයි.


සාම පාගමන සඳහා නායකත්වය ලබා දෙන පූජ්‍ය පඤ්ඤාකර ස්වාමීන් වහන්සේ සමග 'ආලෝකා' සුනඛයාද සහබ් සහභාගී වෙයි .එම පිරිස මෙරටට පැමිණීම සඳහා ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ ඩලස් පොර්ට් වර්ත් ජාත්‍යන්තර ගුවන් තොටුපළට පැමිණි අතර එහිදී ගුවන් තොටුපළේ රැඳී සිටි ආලෝකා කාගෙන් අවධානයට ලක් විය.


සාම පාගමනට සහභාගීවන භික්ෂූන් වහන්සේ දොළොස් නම(12) අතුරින් තායිලන්තයේ රතන සා හිමි ඇතුළු කිහිප නමක් පසුගිය සිකුරාදා අලුයම මෙරටට වැඩම කළහ.



සාම පාගමනේ පිළිවෙල.... 


සාම පාගමන ආරම්භ වන්නේ අප්‍රේල් 22 වැනිදා උදෑසනයි.


📍 වැඩසටහන් පෙළගැස්ම:

Day 1- Day 1 | Tuesday, April 21: Anuradhapura → Dambulla

• දිනය 2 | බදාදා ,අප්‍රේල් 22: (47 km) : දඹුල්ල විහාරයේ සිට මාතලේ අළුවිහාරයට

• දිනය 3 | බ්‍රහස්පතින්දා ,අප්‍රේල් 23: (28 km): මාතලේ අළුවිහාරයේ සිට මහනුවරට

එන අතරමඟ දහවල් දානය අකුරණ මුස්ලිම් දේවස්ථානයේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත.

• දිනය 4 | සිකුරාදා , අප්‍රේල් 24: (25 km): ශ්‍රී දළදා මාලිගාවේ සිට බෙලිගම්මන රජමහා විහාරයට

• දිනය 5 | සෙනසුරාදා  අප්‍රේල් 25: (25 km): බෙලිගම්මන රජමහා විහාරයේ සිට තෝලංගමුව මධ්‍ය මහා විද්‍යාලයට

• දිනය 6 | ඉරිදා ,අප්‍රේල් 26: (33 km): තෝලංගමුව මධ්‍ය මහා විද්‍යාලයේ සිට යක්කල චන්ද්‍රජෝතී විහාරයට

• දිනය 7 | සඳුදා , අප්‍රේල් 27: (21 km): යක්කල චන්ද්‍රජෝතී විහාරයේ සිට කැළණිය රජමහා විහාරයට

• දිනය 8 | අඟහරුවාදා ,අප්‍රේල් 28: (15 km): කැලණිය රජමහා විහාරයෙන් පිටත් වී සවස 4 වන විට නිදහස් චතුරස්‍රයට පැමිණීමෙන් අනතුරුව ශ්‍රී මහා බෝධීන්වහන්සේගේ අංකුරය ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් රාජ්‍යතාන්ත්‍රික වශයෙන් ඇමරිකාවේ සිට වැඩම කළ මහා සංඝරත්නය වෙත භාර දීමට නියමිතයි.


අනතුරුව පෙරහරකින් ගංගාරාමය විහාරස්ථානයට පැමිණීමෙන් අනතුරුව සාම පාද යාත්‍රාවේ නිමාව සිදු වේ.

walk for peace  sri lanka
walk for peace  sri lanka  2

Post a Comment

0 Comments
lankaSFnews Whatsapp channel
To Top