මෙරට තරුණයෙක් සහල් වලින් යෝගට් සාදයි

lankaSFnews
2 minute read
0
lankaSFnews Whatsapp channel
rice yogurt

 මෙරට සහල් යොදාගෙන සහල් ආශ්‍රිතව “සහල් යෝගට්” නිෂ්පාදනයක් සිදු කිරීමට මහනුවර උසස් තාක්ෂණ විද්‍යාලයේ අවසන් වසරේ ඉගෙනුම ලබන එස්.ඩි. වෙනුක කිත්මිණ සමත්ව තිබේ.


ශ්‍රී ලංකාවේ එළකිරි නිෂ්පාදනයන් විවිධාංගීකරණයට ලක්වීම හේතුවෙන් දියර කිරි පරිභෝජනය අවම මට්ටමක පැවතීමත්, දේශීය ගුණයෙන් යුක්ත නව ආදේශක කිරි ආශ්‍රිත නිෂ්පාදන වෙනුවට නව  නිෂ්පාදන ප්‍රභේදයක් හදුන්වා දීම වෙනුවෙන් ඔහු විසින් නවතම සොයාගැනීම සිදු කර ඇත.


මහනුවර ප්‍රදේශයේ පදිංචි ඔහු විසින් නිෂ්පාදනය කරන ලද මෙම සහල් යෝගට් සම්බන්ධයෙන් මෙසේ සඳහන් කළේය,


"ශ්‍රී ලංකාවේ මෑත කාලීනව එළ කිරි නිෂ්පාදනයන් වල මිල සැලකිය යුතු ලෙස ඉහළ  අගයක පවතිනවා. එයට හේතුව  වී තිබෙන්නේ ලංකාවේ එළකිරි පරිභෝජනයෙන් සියයට තිහක් (30%) පමණක් එළකිරි නිෂ්පාදන ලෙස පැවතීමයි.


කිරි ආශ්‍රිත නිෂ්පාදන අතර යෝගට් කියන්නේ ඉතා ඉහළ ඉල්ලුමක් සහිත නිෂ්පාදනයක් බැවින් ඒ සදහා අමුද්‍රව්‍ය ලෙස යොදා ගන්නේ නැවුම් කිරි හෝ සම්පුර්ණ යොදය සහිත කිරිපිටියි. දැනට වෙලදපොලේ පවතින මෙවැනි නිෂ්පාදන වල ද මිල ද ඉතා ඉහළ අගයක් පවතිනවා. 


මෙම ගැටලු අධ්‍යනය කර එයට විසදුමක් ලෙස ගුණාත්මක බැවින් යුක්ත නව නිෂ්පාදනයක් ලෙස සහල් කිරි මගින් යෝගට් සෑදීම සදහා මා විසින් පර්යේෂණයක් සිදුකළා. එය ඉතා සාර්ථක එකක් වූ බැවින් සහල් කිරි යොගට් සෑදීමට හැකියාව ලැබුණා"


මෙම යොගට් නිෂ්පාදනය කළ වෙනුක කිත්මිණ පවසන්නේ ලැක්ටොස් ඉන්ටොලරන්ස් වැනි රෝග පවතින අයට ද මෙම නිෂ්පාදනය ආහාරයට ගත හැකි බවත්, කොලොස්ටරොල් සහ සම්තෘප්ත මේද අම්ල නොපවතින බැවින් හෘදයාබාද ඇති අයට ද ආහාරයට ගැනීම සුදුසු බවයි.


සහල්වල ගුණය එලෙසින්ම ලැබෙන පෝෂණීය යෝගට් නිෂ්පාදනයක් ලෙසත්, මෙම නව නිෂ්පාදනය සදහා අවශ්‍ය අමුද්‍රව්‍ය වන සහල් පහසුවෙන් ලංකාව තුළ සොයාගත හැකි වීමත්, හේතුවෙන් පහසු මිළට යෝගට් සෑදිමට හැකියාව ලැබී ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.


නව නිපැයුම් රටට අවශ්‍යම මොහොතක මෙවැනි නව නිපැයුම් අගයමින් ඒ සදහා නව අගයක් ලබාදීමට ක්‍රියා කිරීම බලධාරීන්ගේ වගකීමක් බවත්, මෙම නව නිෂ්පාදනය කෙරෙහි බලධාරීන් ගේ අවධානය යොමුවී රටට වැඩදායි, ගුණාත්මයෙන් යුක්ත මෙම නව නිෂ්පාදනය දිරිගැන්වීමට අවශ්‍ය සහය ලබාදෙන්නේ නම් අගය එය අගය කරන බවත් කිත්මිණ කීවේය.


දුම්බර - එම්.ආර්. ප්‍රදීප්

Tags

Post a Comment

0 Comments

Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by

#buttons=(Accept !) #days=(20)

Our website uses cookies to enhance your experience. Learn More
Accept !
To Top