ISIS ට සහය පළකරමින් නිව්යෝක් නගරෙට ප්‍රහාරයක් සැලසුම් කල පාකිස්තානුවා මාට්ටු

lankaSFnews
0

 අමෙරිකාවේ නිව් යෝර්ක් නගරයට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කළ කැනඩාවේ වාසය කරන පාකිස්තාන ජාතික තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.


20 හැවිරිදි මුහම්මඩ් ඛාන් නම් මෙම තරුණයාගේ සැලසුම වී තිබුණේ බෘක්ලීන්හි යුදෙව් ජාතිකයින් ඉලක්ක කරමින් සමූහ වෙඩි තැබීමක් සිදු කිරීමය.


ඒ IS සංවිධානයට සහාය පළ කිරීමක් වශයෙන් බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.


ගාසා තීරයේ හමාස් සංවිධානය ඊශ්‍රායලයට කඩා වැදී ප්‍රහාර එල්ල කිරීමට වසරක් සැපිරෙන ඔක්තෝබර් 7 වනදා සමූහ වෙඩිතැබීම දියත් කිරීම චූදිත තරුණයාගේ සැලසුම වී තිබේ.


සිය සහචරියන් රහසිගත නියෝජිතයින් බව නොදැන මෙම තරුණයා ප්‍රහාරය සැලසුම් කර තිබුණේ රහසිගත විමර්ශකයින් දෙදෙනෙකු සමග එක්වයි.


මුහම්මඩ් ඛාන් ප්‍රහාරය සඳහා අවි සපයා ගැනීම භාරදී තිබුණේ මෙම රහසිගත නියෝජිතයින්ට වන අතර යුදෙව් ජාතිකයින් බහුතරයක් වාසය කිරීම බෘක්ලීන් ඉලක්ක කිරීමට හේතුව වී තිබුණි.


ඒ අනුව මිනිස් ජාවාරම්කරුවෙකු මාර්ගයෙන් සැප්තැම්බර් 4 වනදා විවිධ මෝටර් රථ තුනක් භාවිතයෙන් කැනේඩියානු දේශසීමාව හරහා අමෙරිකාවට ඇතුළු වීමට උත්සාහ කිරීමේ දී ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.


අමෙරිකානු මධ්‍යම විමර්ශන කාර්යාංශයේ සහ රාජකීය කැනේඩියානු පොලීසියේ සහයෝගිත්වයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.

Post a Comment

0 Comments
lankaSFnews Whatsapp channel
To Top