බංග්ලාදේශයේ බුර්කා නොපැලඳි කාන්තාවන්ට පහර දෙයි [VIDEO]

lankaSFnews
0


අරගලයෙන් පසු බංග්ලාදේශය තුළ ආගම් ඉලක්ක කරගෙන එල්ලවන ප්‍රහාර තවත් තීව්‍ර වී තිබේ.


තරුණ ඉස්ලාමීය සිසුන්ගේ සාමාජිකත්වයෙන් යුතු ජමාත් ඊ ඉස්ලාම් කල්ලි සාමාජිකයින් කාන්තාවන්ට පවා දැඩි හිංසන සිදුකරයි.


මෙම ප්‍රචණ්ඩ ක්‍රියා සිදුව තිබුණේ සංචාරක මර්මස්ථානයක් වන කොක්ස් බසාර් කලාපයේදීය.


මෙම අරගල ක්‍රියාකාරීන් තමන්ට අනන්‍ය ෂරියා ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරමින් සිටින අතර,කාන්තාවන් හිජාබය හෝ බුර්කාව පැළඳ නැතැයි පවසමින් ඔවුන් මෙලෙස කාන්තාවන්ට පහර දී තිබුණි.


තමන්ගේ පැහැරගත් ජංගම දුරකථනය සොයාදෙන්නැයි ඉල්ලා පොලිස් ස්ථානයකට පැමිණි කාන්තාවක් පොලිස් නිලධාරීන් ඉදිරියේම අරගල ක්‍රියාකාරීන්ගේ තාඩන පීඩනවලට ලක්වන්නේ රට පත්ව ඇති අරාජිකත්වය මොනොවට පෙන්වමිනි.


Post a Comment

0 Comments
lankaSFnews Whatsapp channel
To Top