දිස්ත්‍රික්ක අනුව තැපැල් ඡන්ද සුදුසුකම් ලැබූ සංඛ්‍යාව ප්‍රකාශයට පත් කෙරේ...වැඩිම කුරුණෑගල

lankaSFnews
0
election 2024 sri  lanka

 2024 සැප්තැම්බර් 21 පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට අදාළ පිළිගත් තැපැල් ඡන්ද අයදුම්පත් පිළිබඳ විස්තර වාර්තාවක් මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කර තිබෙනවා.


ඒ අනුව තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පුද්ගලයින් 712,319 දෙනෙකු සුදුසුකම් ලබා ඇති බවයි සඳහන් වෙන්නේ.


වැඩිම තැපැල් ඡන්ද දායකයින් සංඛ්‍යාව කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම සංඛ්‍යාව 76,977 ක් වන අතර අඩුම තැපැල් ඡන්ද දායකයින් සංඛ්‍යාව වන 3566 වාර්තා වන්නේ මුලතිව් දිස්ත්‍රික්කයෙන්.


අදාළ සම්පූර්ණ වාර්තාව පහතින්. 

Post a Comment

0 Comments
lankaSFnews Whatsapp channel
To Top