නැදුන්ගමුවේ රාජා බලාගත් කළු මාමාට මාසික විශ්‍රාම වැටුපක්

lankaSFnews
1 minute read
0
lankaSFnews Whatsapp channel
කළු මාම


ශ්‍රී දළදා මාලිගයේ පෙරහැර මංගල්‍යයේ කරඩුව වැඩමවීමේ දුර්ලබ භාග්‍ය උදාකරගත් නැදුන්ගමුවේ රාජා හස්ථියා රැකබලාගත් කළු මාමා හෙවත් විල්සන් කොඩිතුවක්කු මහතාගේ සේවය ඇගයීමට දළදා මාලිගය කටයුතු කළා.


ඒ අනුව ඒ මහතා වෙනුවෙන් විශ්‍රාම වැටුපක් ලබාදීම දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණා.


විල්සන් කොඩිතුවක්කු මහතාට විශ්‍රාම වැටුප් හිමිකම ලබාදීම මෙන්ම දළදා පෙරහැර සදහා සහභාගිවන හස්ථි පාලකවරුන්ට රක්ෂණාවරණයක් ලබාදීම සිදුකෙරුණා.


නැදුන්ගමුවේ රාජා ඇතාගේ හිමිකරු වූ හර්ෂ ධර්මවිජය වෙද මහතා ඇගයීමට ද කටයුතු කෙරුණා.


මේ වනවිට 77 වන වියේ පසුවන කළු මාමා වසර 45ක පමණ කාලයක් හස්ථි පාලක රැකියාවේ නිරත වනවා.


ඉන් වසර 20ට වැඩි කාලයක් ඒ මහතා ගතකර තිබෙන්නේ නැදුන්ගමුවේ රාජා රැකබලා ගැනීමටයි.


නැදුන්ගමුවේ රාජා හස්ථියා මියයාමෙන් පසු විශ්‍රාම සුවයෙන් පසුවන කළු මාමා සදහන් කළේ මෙම විශ්‍රාම වැටුප තමාට ඉමහත් අස්වැසිල්ලක් බවයි.

Tags

Post a Comment

0 Comments

Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by

#buttons=(Accept !) #days=(20)

Our website uses cookies to enhance your experience. Learn More
Accept !
To Top