අතිශය ජනාදරයට පත්වූ සමලිංගික පෙන්ගුයින් යුවළෙන් අයෙක් මියයයි [VIDEO]

lankaSFnews
0
gay penguin

 සමානාත්මතාවය සඳහා ගෝලීය සංකේතයක් බවට පත් වූ ඔස්ට්‍රේලියානු ජෙන්ටූ පෙන්ගුයින් (gentoo penguin) විශේෂයක කොටසක් වූ ස්පෙන්, මියගොස් තිබෙනවා.


විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම සත්ත්වයා මියගොස් ඇත්තේ 11 වයසෙදි බවයි.


පිරිමි පෙන්ගුයින් සත්ත්වයෙක් වන ස්පෙන්, වාසය කළ සිඩ්නි හි මින්මැදුරේ ප්‍රකාශකයින් සඳහන් කළේ මෙම මරණය ස්වභාවික හේතූන් මත සිදුවූවක් වන බවයි.

ස්පෙන් 2018 වසරේ දී ගෝලීය කීර්තියට පත් වූයේ සෙසු පිරිමි ජෙන්ටූ පෙන්ගුයින් සත්ත්වයෙක් වන ‘මැජික්’ සමඟ පවත්වන ලද හාදකම මතයි.


ඒ අනුව ඔවුන් දෙදෙනා අභිජනන කාලයට පෙර එකට ඇවිදිමින් සහ පිහිනමින් සිටිනු දැකීම ජාත්‍යන්තර මාධ්‍යයේ වඩාත් කතාබහට ලක්ව තිබුණා.


පසුව ඔවුන් දෙදෙනා කවුරුත් හඳුන්වනු ලැබුවේ “Sphengic” ලෙසයි.


ස්පෙන් – මැජික් ‍යුවළ වඩාත් කතාබහට ලක්වීමට තවත් හේතුවක් නම්, ඔවුන් දෙදෙනා එක්ව ලාරා සහ ක්ලැන්සි නම් පැටවුන් දෙදෙනෙකු ඇති දැඩි කිරීමයි.


ස්පෙන්ගේ මියයාම පිළිබඳව සිඩ්නි මින්මැදු‍රෙන් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබුණේ, වයස අවුරුදු 8ක් වන මැජික්ව ස්පෙන්ගේ සිරුර දැකීමට ද රැගෙන ගිය බවයි.


ඒ, මැජික්ට සිය සහකරු නැවත නොඑන්නේ මන්දැයි තේරුම් ගැනීමට හැකිවන පරිදියි යනුවෙන් ඔවුන් වැඩිදුරටත් සඳහන් කර තිබුණා.


Post a Comment

0 Comments
lankaSFnews Whatsapp channel
To Top