ජනපති සතු විධායක බලතල කිසිවිටකත් අහෝසි නොකළ යුතුයි...සරත් ෆොන්සේකා

lankaSFnews
1 minute read
0
lankaSFnews Whatsapp channel
sarath fonseka

 ජනාධිපතිවරයා සතු විධායක බලතල ඉවත් නොකල යුතුයි. එම තනතුරට සුදුසු පුද්ගලයකු පත්වී පාර්ලිමේන්තුවේ සිටින සොරුන් ඉවත්කර  දූෂණය සම්බන්ධයෙන් කටයුතු කරන ආයතන පිරිසිදු කල යුතු බව ජනාධිපති අපේක්ෂක සරත් ෆොන්සේකා මහතා පැවසීය.


ඒ මහතා මේ බව කියා සිටියේ ඓතිහාසික රුවන්වැලි සෑ රදුන් වැඳ පුදා ගෙන ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පල කරමින්ය.


"දූෂිත දේශපාලන සංස්කෘතිය මේ වන විට රටම ගිල ගෙන තිබෙනවා. මෙම තත්ත්වයෙන් මිදීමට පක්ෂ වලට වහල් නොවී ස්වාධීනව සහ බුද්ධිමත්ව කටයුතු කර ජාතික නායකයන්ට රට භාර දීමට සියලු දෙනා කටයුතු කල යුතුයි.


එකම කණ්ඩායමක් විවිධ දේශපාලන පක්ෂ නිර්මාණය කර ගනිමින් ජනතාව ළඟට පැමිණියද ඔවුන්ගේ මානසිකත්වය වෙනස්වී  නැහැ.මොවුන් කිසි විටක රට ගැන හෝ රටේ අනාගතය ගැන පිළිබඳව සිත කටයුතු කරන්නේ නැහැ. 


සමගි ජන බලවේගයේ දොරගුළු විවෘත කරමින් ඕනෑම සොරෙකුට වුවද පක්ෂයට එක්වීමට අවස්ථා උදා කර තිබෙනවා.ඒ නිසා මට  එම පක්ෂය තුල අභිමානයෙන් යුතුව කටයුතු කිරීමට හැකියාවක් නැති නිසා තමයි  ඉවත් වුනේ. පරිණත බව හා නායකත්වය ලබා දීමට නොහැකි පුද්ගලයන් ජනාධිපති අපේක්ෂකත්වයට සුදුසු නැහැ.


රටේ දූෂණය සහ අවභාවිතය නැවැත්වීම, සොරුන්ට දඬුවම් දීම හා මත්ද්‍රව්‍ය උවදුරු සහ පාතාලයෙන් රට මුදවා ගැනීම, සංචාරක ක්ෂේත්‍රය දියුණු කරමින් විදේශ විනිමය ළඟා කර ගැනීම , කෘෂිකර්මය, ධීවර සහ සත්ව පාලනය වැනි ක්ෂේත්‍ර දියුණු කිරීම හා අධ්‍යාපනය සෞඛ්‍ය හා පොදු ප්‍රවාහනය ජාත්‍යන්තර මට්ටමට ගෙන ඒම සදහා කටයුතු කිරීම මගේ බලාපොරොත්තුව වනවා.


පාර්ලිමේන්තුව තුල බහුතරයක් සිටින්නේ  දූෂකයන් සහ සොරුන්, ඒ නිසා  කිසිම අවස්ථාවක  විධායක බලතල ඉවත් නොකළ යුතුයි. විධායක බලතල පවතින තැනට නිවැරදි පුද්ගලයකු පැමිණ සොරුන් සහ දූෂණයට අදාලව වැඩ කල යුතුයි. ආයතන පිරිසිදු කිරීම සිදු කල යුතුයි.

Post a Comment

0 Comments

Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by

#buttons=(Accept !) #days=(20)

Our website uses cookies to enhance your experience. Learn More
Accept !
To Top