කිතුණූ පූජකවරුන්ගේ ජාලයේ සහය ජනපති රනිල්ට

lankaSFnews
0


 ජනාධිපතිවරණයේ දී වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සිය සහාය ලබා දීමට කිතුණු පූජකවරුන්ගේ ජාලය තීරණය කර තිබෙනවා.


මේ බව ඊයේ (01) තමන් වෙත දැනුම්දුන් බවයි, එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා සඳහන් කළේ.


එම ජාලයේ මහලේකම් රත්නායක පියතුන් ඇතුළු පිරිසක් රුවන් විජයවර්ධන මහතාව සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී හමු වුණා.


එහි දී පසුගිය වසර දෙකක කාලය තුළ ජනාධිපතිවරයා ගෙනගිය වැඩසටහන පිළිබඳව උන්වහන්සේ ප්‍රශංසාත්මකව අදහස් පළ කළ බවයි, නියෝජ්‍ය නායකයා ෆේස්බුක් ගිණුමෙහි සටහනක් තබමින් සඳහන් කළේ.


මෙම අවස්ථාවට සිරිකොත පක්ෂ මූලස්ථානයේ ප්‍රධාන විධායක අධ්‍යක්ෂ ශමල් සෙනරත් සහ ව්‍යවසායක කුමුදු හෙට්ටිගේ යන මහත්වරුන් සහභාගී වූ බව සඳහන්.

ruwan wijewardhena

Post a Comment

0 Comments
lankaSFnews Whatsapp channel
To Top