බංගලිදේශයේ අන්තර්වාර පාලනය එරට පොලිසියේ ඇඳුම වෙනස් කරයි

lankaSFnews
0

bangladesh police

බංග්ලාදේශ පොලිසිය දැන් රථවාහන රාජකාරි සඳහා පැමිණ ඇති බැවින් සිසුන් එම කාර්යයෙන් ඉවත්විය යුතු බවට දැනුම් දී ඇති නමුත් ශිෂ්‍ය ප්‍රජාව එයින් ඉවත්වීමට අකමැත්ත පළකර තිබේ.


සිසුන්ට ඉගෙනීමේ කාර්යය ඇති බැවින් ඉදිරියට ඔවුන්ගේ සහාය අවශ්‍ය නොවන බව බංග්ලාදේශ පොලිස් නිලධාරීන් පවසන බව ඩකා ටි්‍රබියුන් පුවත්පත කියයි.

මේ අතර බංග්ලාදේශ අන්තර්වාර ආණ්ඩුව එරට පොලිස් නිලධාරීන්ගේ නිල ඇඳුම වෙනස් කිරීමට තීරණය කර ඇත.


අගෝස්තු 05 වැනිදායින් පසු පොලිස් නිලධාරීන් යළි සේවයට පැමිණියේ සතියකට පමණ පසුවය. නමුත් සමහර ප්‍රදේශවල පොලිස් ස්ථාන තවමත් ක්‍රියාත්මක නොවේ.


නිල ඇඳුම වෙනස් කිරීම ගැන පොලිසියේ ඇතැම් නිලධාරීන් අප්‍රසාදය පළකර ඇත.

- චතුර පමුණුව

Post a Comment

0 Comments
lankaSFnews Whatsapp channel
To Top