ඇෆ්ගන් රජයේ රැවුල නැත්නම් දඬුවම්

lankaSFnews
0
beards afganisthan

 මුහුණ පුරා රැවුල නැති, ආරක්ෂක අංශ සාමාජිකයින් 280 දෙනෙකුට ෂරියා නීතිය යටතේ දඩුවම් ලබා දීමටත් ඔවුන් සේවයෙන් නෙරපා හැරීමටත් ඇෆ්ගන් තලෙයිබාන් රජය තීරණය කර තිබෙනවා.


2021 වසරේ අමෙරිකන් හමුදාව එරටින් යෑමෙන් පසු තලෙයිබන්වරු යළි ඇෆ්ගනිස්‍ථානයේ බලය අත්පත් කර ගත්තා.


බලය පිහිටුවා ගැනීමෙන් පසුව ඇෆ්ගනිස්ථානයේ පිහිටුවා ඇති තලෙයිබාන් රජය ඔවුන්ට ආවේණික ෂරියා නීතිය ක්‍රියාවට නැන්වූවා.


ෂරියා නීතිය යටතේ පිරිමින් සියලු දෙනා රැවුල වැවිය යුතු බවයි සදාචාරය සුරැකීම වෙනුවෙන් පිහිටුවා ඇති අමාත්‍යාංශය නියෝගකර සිටියේ.


තලෙයිබාන් සදාචාරය සුරැකීම වෙනුවෙන් පිහිටුවා ඇති අමාත්‍යාංශය විසින් මෙසේ රැවුල නොවැඩීම හේතුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයින් 280කට වැඩි පිරිසක් සේවයෙන් පහ කර ඇති අතර පසුගිය වසරේ "අශීලාචාර ක්‍රියා" සම්බන්ධයෙන් 13,000කට වැඩි පිරිසක් ඇෆ්ගනිස්ථානයේ රඳවාගෙන ඇති බවයි වාර්තාකර සිටින්නේ.


නමුත් පැය 24 කට පසු රැඳවියන්ගෙන් අඩක් පමණ නිදහස් කළ බවයි එම අමාත්‍යාංශය සඳහන්කර සිටියේ.


අමාත්‍යාංශයේ සැලසුම් සහ නීති සම්පාදන අධ්‍යක්ෂ මොහිබුලා මෝලිස් ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසුවේ නිලධාරීන් පසුගිය වසරේ සංගීත භාණ්ඩ 21,328ක් විනාශ කළ බවයි.

Post a Comment

0 Comments
lankaSFnews Whatsapp channel
To Top