14 හැවිරිදි පිරිමි දරුවෙක් අපයෝජනය කළ 54 හැවිරිදි දෙදරු මව අත්අඩංගුවට

lankaSFnews
0
kalpitiya police station

 කල්පිටිය කන්දකුලියවැල්ල කස කැලය ප්‍රදේශයේදී සිසුවකුට බරපතළ ලිංගික අපයෝජන කළ බව කියන කාන්තාවක අත්අඩංගුවට ගත් බව කල්පිටිය පොලිසිය පවසයි.


මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කැන්දකුලියවැල්ල ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි දෙදරු මවක බව පොලිසිය පවසයි.


සැකකාර කාන්තාව විසින් වයස අවුරුදු 14ක පිරිමි දරුවෙක් දර කැඩීමට යැයි පවසා කස කැළයකට කැඳවාගෙන ගොස් මෙලෙස අපයෝජනය කර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.


දරුවාගේ මව විසින් කල්පිටිය පොලිසියට සිදුකළ පැමිණිලිකට අනුව මේ සම්බන්ධයෙන් විමර්ශන අරඹා තිබෙනවා.


Tags

Post a Comment

0 Comments
lankaSFnews Whatsapp channel
To Top