ජැක්සන්ගේ බිරිඳ කුමාරි මුණසිංහ සමගි ජනබලවේගයට එක්වෙයි...තනතුරකුත් ලැබෙයි [VIDEO]

lankaSFnews
0
jackson anthony wife kumari munasinghe sajith premadasa

 අභාවප්‍රාප්ත වූ ප්‍රවීණ නළු ජැක්සන් ඇන්තනී මහතාගේ බිරිඳ වන කුමාරි මුණසිංහ සමගි ජනබලවේගයට එක් වී තිබෙනවා.


ඒ, ඉදිරි ජනාධිපතිවරණයේ දී විපක්ෂ නායත සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමේ අරමුණින්.


ඒ අනුව ඇයට ගම්පහ දිස්ත්‍රික් සංවිධායක ධුරය ලබා දීමට ද ඒ මහතා කටයුතු කර ඇති බවටයි, තොරතුරු වාර්තා වන්නේ.


“මම හිතන්නේ, මේ වෙලාවේ ඉදිරි ඡන්දයට ඉදිරිපත් වන ජයග්‍රාහී නායකයා කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම මේ වෙලාවේ මගේ අරමුණ මේ රට දිනවීම. රට දින්නොත් තමා අපි කාටවත් නිදහසේ පහසුවෙන් ජීවත් වෙන්න පුළුවන් වෙන්නේ. මේ රට දිනවීමේ අරමුණින් නායකතුමාට සහාය පළ කරනවා. නායකතුමාගේ ප්‍රතිපත්ති ලංකාවේ ජනතාවට හුඟාක් වැදගත් වෙයි. ප්‍රතිපත්තිමය කාරාවලට හුඟාක් එකඟයි. අපි හැමෝම නායකතුමාට සහයෝගය දීලා රට දිනවමු. එතකොට අපිටත් පුළුවන් දිනන්න.”


Post a Comment

0 Comments
lankaSFnews Whatsapp channel
To Top