ජර්මනියේ දී තිදෙනෙක් මරා දැමූ ඝාතනයේ වගකීම ISIS භාරගනී

lankaSFnews
0
germany isis attACK

 ජර්මනියේ බටහිර සොලින්ගන් නගරයේ පසුගිය සිකුරාදා පිහි ප්‍රහාරයකින් පුද්ගලයින් තිදෙනෙකු ඝාතනය කර තවත් අටදෙනෙකුට තුවාල සිදුකළ බවට කියන 26 හැවිරිදි ප්‍රධාන සැකකරු එරට පොලිසිය විසින් ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.


සොලින්ගන් නගරයේ 650 වැනි සංවත්සරය සැමරීම සඳහා සංවිධානය කර තිබූ උත්සවයක් අතර තුර මෙම ප්‍රහාරය එල්ල කර තිබුණා.


එහිදී 56 සහ 67 හැවිරිදි පිරිමින් පුද්ගලයින් දෙදෙනෙකු සහ 56 හැවිරිදි කාන්තාවක් ඝාතනයට ලක් වුණා.


ප්‍රහාරයේ වගකීම ඉස්ලාම් රාජ්‍ය සංවිධානය විසින් සෙනසුරාදා භාරගෙන තිබු අතර, ප්‍රහාරකයා සමඟ කුමන හෝ සමීප සබඳතාවක් තිබුණේ ද යන්න පැහැදිලි නොමැති බවයි ජර්මන් ආරක්ෂක අංශ පැවසුවේ.

Post a Comment

0 Comments
lankaSFnews Whatsapp channel
To Top