කතරගම පෙරහැරේ බැතිමතුන් 345 දෙනෙක් ගිනි පෑගූ හැටි මෙන්න [VIDEO]

lankaSFnews
0
කතරගම


 ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ මංගල්‍යයට සමගාමීව සිදු කරන ගිනි පෑගීමේ උත්සවය අද(19) උදෑසන 04 ට සිදු කෙරුණා.


මෙම ගිනි පෑගීම සදහා බැතිමතුන් 345දෙනකු සහභාගී වුණා.


බස්නායක නිළමේ ඩිෂාන් ගුණසේකරගේ අධික්ෂණය මත ගිනි පෑගිමේ උත්සවය සංවිධානය කර තිබුණු අතර කතරගම දේවාලයේ සනත් රත්නායක කපුමහතා විසින් ගිනි මැලය වෙත පරහද ඉස ආශිර්වාදය ලබාදීමෙන් පසුව බැතිමතුන් ගිනි මැලය තරණය කර තිබෙනවා.


කතරගම දේවාලයේ ඇසළ මංගලයේ 14 වැනි පෙරහැර මංගල්‍යය අද විථි සංචාරය කරනු ලබනවා.


ලබන 21 වැනිදා අවසන් මහා පෙරහැර මංගල්‍යය සිදුකර 22 වැනි දින මැණික් ගගේ දිය කැපිමේ මංගල්‍යයන් පෙරහැර නිමාවට පත්වනවා.  


Tags

Post a Comment

0 Comments
lankaSFnews Whatsapp channel
To Top