මාරක බෝතලය සමග ගත් ධීවරයින්ගේ අවසන් සෙල්ෆිය

lankaSFnews
0

 devon putha

පාවීආ බෝතලයක තිබූ දියර වර්ගයක් පානය කිරීමෙන් අනතුරුව "ඩෙවෝන් පුතා 5" බහුදින ධීවර යාත්‍රාවෙන් මුහුදු ගොස්  සිටියදී එම ධීවර යාත්‍රාවේ ස්කීපර්වරයා ඇතුළු 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය.

එම දියරය පානය කිරීමට පෙර එම බෝතලය සමඟ ජීවිතක්ෂයට පත් වූ ධීවරයන් හා මේ වන විට රෝහල්ගතව සිටින ධීවරයා සෙල්ෆි ඡායාරූපයකට පෙනී සිටි අයුරු මෙසේ දැක් වේ.

මුහුදේ පාවී ආ බෝතලයක තිබු දියර වර්ගයක් පානය කිරීමෙන් ජීවිතක්ෂයට පත්  "ඩෙවොන් 05" ධීවර යාත්‍රාවේ ධීවරයින් 04 දෙනොගේ මළ සිරුරු තංගල්ල ධීවර වරායට රැගෙන ඊයේ (03) රැගෙන ආවේය.

කාර්මික දෝෂයට ලක් ව තිබු එම යාත්‍රාව තවත් යාත්‍රා දෙකක් යොදා ගනිමින් තංගල්ල ධීවර වරාය වෙත රැගෙන විත් තිබුණි.

මහෙස්ත්‍රාත් පරීක්ෂණයෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා අදාළ මළ සිරුරු තංගල්ල රෝහල වෙත රැගෙන ගොස් තිබේ.

devon putha sri lanka
Tags

Post a Comment

0 Comments
lankaSFnews Whatsapp channel
To Top