ඥානසාර හිමිව නිදහස් කරන එක පරක්කු කරන කෙනා මෙන්න...

lankaSFnews
0
gnanasara thero


 බොදු බලසේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබාදෙන මෙන් ඉල්ලා ත්‍රෛනිකායික මහා නාහිමිවරුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා ඇතත් ආණ්ඩුවේ ප්‍රබල ඇමැතිවරයකුගේ මැදිහත්වීම මත එය කල් ගත වෙමින් පවතින බව වාර්තාවේ.


අදාළ ඇමැතිවරයා මේ සම්බන්ධයෙන් දක්වන උදාසීන සහ මන්දගාමී ක්‍රියා පිළිවෙත හේතුවෙන් ජනපති සමාව ලබා දීමේ ක්‍රියාදාමය මග ඇනහිට ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.


ජාතීන් අතර අසමගිය ඇතිවන ආකාරයෙන් කටයුතු කරන ලදැයි කියන සිදුවීමකට පූජ්‍ය ගලගොඩඅත්තේ හිමියන් වෙත පසුගිය මාර්තු 28 වැනිදා සිව් වසරක කාලයක් සඳහා සිර දඬුවම් නියම විය. එම හිමියන්ට ජනාධිපති සමාව දෙන මෙන් පසුගිය මැයි 13 වැනිදා ත්‍රෛනිකායික මහා නායක හිමිවරුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීම් කර තිබිණි.


සිරිමන්ත රත්නසේකර

👉ඥානසාර හිමිව නිදහස් කරන්න...මහනාහිමිවරුන්ගෙන් ජනපතිට ලිපියක්

👉ගලගොඩඅත්තේ ඥානසාර හිමි මහඋළු ගෙදර ගිය කතාවේ මුල මැද අග මෙන්න

Post a Comment

0 Comments
lankaSFnews Whatsapp channel
To Top