ඉක්මනින් ගෑස් දෙන්න ලිට්‍රෝ ගෑස් තවත් පර්යන්තයක් කඩුවෙලදී විවෘත කරයි

lankaSFnews
0
litro-gas


 කඩුවෙල මාබිම ප්‍රදේශයේ ගෑස් පිරවුම් පර්යන්තයක් විවෘත කරන බව ලිට්‍රෝ සභාපති මුදිත පීරිස් මහතා පවසනවා.


හෙට (08) විවෘත කිරීමට නියමිත මෙම පර්යන්තයෙන් දිනකට සිලින්ඩර් 60,000ක් නිකුත් කරන බවයි, ඔහු කියා සිටියේ.


කෙරවලපිටිය පර්යන්තයෙන් නිකුත් කෙරෙන ගෑස් ප්‍රමාණවත් නොමැති බව ද සඳහන්.


දෙසැම්බර් මාසයේ සිට සතියකට දින දෙක බැගින් ගෑස් ලබා දෙන බවයි මුදිත පීරිස් මහතා කියා සිටියේ.


පෙබරවාරි, මාර්තු, අප්‍රේල් වනවිට කෙරවලපිටිය හා මාබිම පර්යන්ත දෙකම ක්‍රියාත්මක වනු ඇති.


නඩත්තු කටයුතු හේතුවෙන් කෙරලවලපිටිය පර්යන්තයේ වැඩ කටයුතු නතර කිරීමට සිදු වන්නේ නම් මාබිම සිට කාර්යක්ෂවම ගෑස් බෙදාහැරීම සිදු කළ හැකි බවයි මුදිත පිරීස් මහතා වැඩිදුරටත් කියා සිටියේ.

Tags

Post a Comment

0 Comments
lankaSFnews Whatsapp channel

#buttons=(Accept !) #days=(20)

Our website uses cookies to enhance your experience. Learn More
Accept !
To Top