වයස 60න් විශ්‍රාම ගිය රාජ්‍ය නිලධාරීන්ට ඩියුටි ෆ්‍රී වාහන බලපත්‍ර

lankaSFnews
0
duty free vehicle


 වයස අවුරුදු 60 සම්පූර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් හා අධිකරණ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන යටතේ වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය කර තිබේ.


අනිවාර්ය විශ්‍රාමගැන්වීමේ වයස අවුරුදු 65 දක්වා දීර්ඝ කර පසුව එය අවුරුදු 60 දක්වා අඩු කිරීම හේතුවෙන් එම කාලය තුළ අවුරුදු 60න් විශ්‍රාම ගිය නිලධාරීන් සඳහා මෙම තීරුබදු සහනය හිමිවීමට නියමිතය.


2022 ජනවාරි 06 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 02/2022 මඟින් අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 65 දක්වා දික්කිරීමත්, පසුව 2022 සැප්තැම්බර් 14 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 19/2022 මඟින් අනිවර්ය විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 60 දක්වා අඩු කිරීමත් අතර කාලය තුළ වයස අවුරුදු 60 සම්පූර්ණ වීමෙන් පසුව විශ්‍රාම ගිය පිරිස සඳහා මෙම තීරුබදු සහනය හිමිවේ.


පසුගිය මාර්තු 11 වැනිදා පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී මෙම සහනය ලබාදීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබෙන අතර ඊට අදාළ චක්‍රලේඛය රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම් ප්‍රදීප් යසරත්න මහතා විසින් නිකුත් කර ඇත.


චමින්ද සිල්වා

Tags

Post a Comment

0 Comments
lankaSFnews Whatsapp channel

#buttons=(Accept !) #days=(20)

Our website uses cookies to enhance your experience. Learn More
Accept !
To Top