මධ්‍යම අධිවේගී මාර්ගයේ දැවැන්ත කොන්ක‍්‍රීට් බාල්කයක් කඩා වැටේ…

lankaSFnews
0
central highway


මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා වන කොටසෙහි දැනට ඉදිකිරීම් කටයුතු නවතා දමා ඇති බෙම්මුල්ල සහ මගලේගොඩ යන ප්‍රදේශ අතර කොන්ක්‍රීට් කනු මත යොදා ඇති විශාල කොන්ක්‍රීට් ආධාරක කොටසක් ( බීම්) කඩා වැටී ඇත. 


ඊයේ (4) සවස් කාලයේ මෙය කඩා වැටීම සිදුව ඇති බව ප්‍රදේශවාසීහු පවසති. මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා වන වන කිලෝ මීටර් 37 ක දුරින් යුත් කොටසෙහි කුඹුරු සහ ජලයෙන් යටවීම සිදුවන ප්‍රදේශ ආශ්‍රිතව කිලෝ මීටර් 13 ක දුරක් කුලුනු මතින් ඉදිකිරීමට පියවර ගෙන තිබේ. 


අධිවේගී මාර්ගයක  බර වාහන පවා ධාවනය පිනිස තැනවෙන කොන්ක්‍රීට් කොටසක් මෙලෙස කඩාවැටීම ඉතා අනතුරුදායක තත්ත්වයක් බව මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ කිහිප දෙනෙකුම පෙන්වා දෙනු ලැබූහ.


මෙලෙස කොන්ක්‍රීට් ආධාරක කොටසක් කඩා වැටීම සම්බන්ධයෙන් මධ්‍යම අධිවේගී මාර්ගය තැනවීම් කටයුතු සිදු කරන නිලධාරියෙකුගෙන් දුරකථනයෙන් කළ විමසීමේදී සදහන් කර සිටියේ , මේ පිළිබඳව පරීක්ෂණයක් සිදු කෙරෙමින් පවතින බවත් එතෙක් කිසිවක් ප්‍රකාශ කිරීමේ හැකියාවක් නොමැති බවත්ය.




Tags

Post a Comment

0 Comments
lankaSFnews Whatsapp channel

#buttons=(Accept !) #days=(20)

Our website uses cookies to enhance your experience. Learn More
Accept !
To Top