දෙමළ ඩයස්පෝරාව යාපනයෙන් දේශපාලනයට බසී

lankaSFnews
1 minute read
0
lankaSFnews Whatsapp channel

tamil diaspora
 

දෙමළ ඩයස්පෝරාවේ සාමාජිකයින් පිරිසක් විසින් එකතු වී එක්සත් ජනතා පක්ෂය නමින් නව දේශපාලන පක්ෂයක් යාපනයේදී පිහිටුවා ගෙන තිබේ.


එම පක්ෂයේ සභාපතිවරයා ලෙස අප්පියා රාජවේන්දන් නැමති අය කටයුතු කරණ අතර ඔහු 2021 වසරේදී දෙමළ ඩයස්පෝරා නායක පුලේන්ද්‍රන් උදයකුමාර් විසින් පිහිටුවා ගන්නා ලද බහුජන සංවිධානයේ ප්‍රධාන සංවිධායකවරයා වශයෙන්ද කටයුතු කොට ඇත.


ජාත්‍යන්තර වශයෙන් ක්‍රියාත්මක වන දෙමළ ඩයස්පෝරාවේ මුදල් උතුරු නැගෙනහිර දෙමළ ජනයා වෙණුවෙන් වියදම් කිරීම මෙතෙක් සිදුව ඇත්තේ කිසිදු ක්‍රමවේදයකින් තොරව බවත් මින් ඉදිරියට එහි වගකීම තම දේශපාලන පක්ෂය වෙත බාරවන බවත් නව පක්ෂයේ සභාපතිවරයා යාපනය මාධ්‍ය සමාජ ශාලාවේදී මාධ්‍යවේදීන්ට අදහස් ප්‍රකාශ කරමින් කියා සිටියේය.


දැනට තම දේශපාලන පක්ෂයට මැතිවරණ ඉලක්කයක් පිළිබදව ඉතා පැහැදිලි අදහසක් නොමැති බවත් ඉදිරියේදී එළඹෙන මැතිවරණ වලට අනුව ඒ ගැන සලකා බලන බවත් පක්ෂයේ සභාපතිවරයා එහිදී පැවසීය.


මෙම පක්ෂයට ජාතිභේද, ආගම්භේද, කුලභේද කිසිවක් නොමැති බවත් සියලු ජන කොටස් සමග කටයුතු කිරීමට හැකි වන පරිදි ඉදිරි කාලයේදී එක්සත් ජනතා පක්ෂයේ ශාඛාවන් හා සංවිධයකයන් දිවයිනේ සෑම නගරයක්ම ආවරණය වන අන්දමට පිහිටුවන බවද පක්ෂයේ සභාපතිවරයා කියා සිටියේය.


දිනසේන රතුගමගේ

Tags

Post a Comment

0 Comments

Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by

#buttons=(Accept !) #days=(20)

Our website uses cookies to enhance your experience. Learn More
Accept !
To Top