නාමල් කුමාරයා ඇඳන් ඉන්න ඇඳුම් වලට බදු ගෙවලා නෑ - දිලිත් ජයවීර [VIDEO]

lankaSFnews
0
dilith jayaweera


 මව්බිම ජනතා පක්ෂයේ මතුගම ජනරැලිය ඊයේ(මැයි 5) මතුගම පෞද්ගලික බස් නැවතුම්පල භූමියේදී පැවැත්වූ අතර එහිදී එම පක්ෂ නායක දිලිත් ජයවීර අනුර කුමාර සහ නාමල් රාජපක්ෂව විවේචනය කරන ලදී.එහිදී අදහස් දැක්වූ ඒ මහතා , 

"රටට ආදරේ  කරන ජනතාව දන්නවා,ගිය පාර පොහොට්ටුවට ඡන්දෙ දුන්නෙ මේ වගේ රනිල් එක්ක ගමනක් යන්න නොවෙයි කියලා.ඒ නිසා ඒ පොහොට්ටුවට ඡන්දෙ දුන්න ජනතාව වෙනුවෙන් පෙනී සිටින්නට අපිට වගකීමක් තියෙනවා.මම කියන්නට කැමතියි මේ පොහොට්ටුවේ නායකයින්ට ,කරුණාකරලා උත්සාහ කරන්න එපා පොහොට්ටු ඡන්දෙ කවුරුහරි මුදලාලි කෙනෙක්ට පූට්ටු කරවන්න.අනුර කුමාරටත් ,නාමල් කුමාරයාටත් මම කියන්න කැමැතියි ,ඔය ඇඳන් ඉන්න වස්ත්‍ර එකකටවත් බදු ගෙවලා නෑ.ඔය වාහන වලට බදු ගෙවලා නෑ.ඔය ගෙවල් වලට බදු ගෙවලා නෑ.ඔය හැම එකක්ම අරං තියෙන්නෙ අහිංසක ජනතාව ගෙවන බදු මුදල් වලින්." 


     

Post a Comment

0 Comments
lankaSFnews Whatsapp channel
To Top