තායිලන්තය පෝන් හබ් ඇතුළු අසැබි වෙබ් අඩවි 190 ක් තහනම් කරලා

lankaSFnews
0
pornhub sri lanka

 තායිලන්ත රජය විසින් පෝන් හබ් වෙබ් අඩවිය ඇතුළු අසැබි වෙබ් 190 ක් එරට තුළ නොවැ 3 සිට තහනම් කිරීමට කටයුතු කර තිබෙනවා.


තායිලන්තයේ සයිබර් අපරාධ නීතිය යටතේ නීතිවිරෝධී වූ අසැබි වෙබ් අඩවිවලට පිවිසීම සීමා කිරීමේ උත්සාහයේ කොටසක් මෙම වාරණය සිදුකරන බව ඩිජිටල් අමාත්‍ය පුට්ටිපොං පුන්නකාන්ත(Puttipong Punnakanta) පවසයි.


2019 දී තායිලන්තයේ දිනපතා පිවිසෙන වෙබ් අඩවි වල මුල් වෙබ් අඩවි 20 තුල pornhub වෙබ් අඩවිය තිබී ඇත.


ඒ අනුව මෙවැනි අසැබි වෙබ් අඩවිවලට පිවිසීම අවහිර කිරීමත් සමග එවැනි ඇතැම් වෙබ් අඩවි වෙත පැවති ප්‍රවේශය සැලකිය යුතු පහළ යෑමක් සිදුව තිබේ.


කෙසේ වෙතත් මෙම වාරණය මග හැරීමට උත්සාහ කරන VPN සඳහා තායිලන්තය තුළ සිදුකර ඇති සෙවුම් ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බවද එම වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙයි.


මිනිසුන්ට තෝරාගැනීමට අදහසක් ඇති බව පවසමින් මෙම වෙබ් අඩවි තහනමට එරෙහිව උද්ඝෝෂණය කරන පිරිසක් පිළිබඳවද එරටින් වාර්තා වෙයි. මෙම තහනම ක්‍රියාත්මක වීමෙන් පසුව Twitter සමාජ මාධ්‍ය තුල #SavePornhub හැෂ්ටැග් එක යටතේ ඔවුන් විවිධ පෝස්ට් මගින් අදහස් දක්වා ඇත. එලෙසම ඩිජිටල් අමාත්‍යාංශය ඉදිරිපිට පොන්හබ් වෙබ් අඩවිය නිදහස් කරන ලෙසද ඉල්ලා උද්ඝෝෂණය කරනු ලබයි.

porn hub

Post a Comment

0 Comments
lankaSFnews Whatsapp channel

#buttons=(Accept !) #days=(20)

Our website uses cookies to enhance your experience. Learn More
Accept !
To Top