
ජාතික ජනබලවේගයේ අපේක්ෂකයෙකු අනුරාධපුර අභයවැය විහාරස්ථානයට කඩා වැදී එහි සිටි පුද්ගලයකුට පහර දී තිබේ.
වාහනයකින් මාර්ගය හරස් කිරීමක් සම්බන්ධයෙන් ඇති වූ කතාබහ බහින්බස්වීමක් දක්වාත් දුර දිග ගොස් මෙම ගැටුම හටගෙන ඇත.
පහර කෑමට ලක්වූ පුද්ගලයා අදාල විහාරස්ථානයේ හිමි නමකගේ රියදුරු වශයෙන් සේවය කරන අයෙකි.
එම විහාරස්ථානයේ වාහනයකින් භික්ෂූන් වහන්සේලා කිහිප නමක් විභාගයකට ගෙන ගොස් ආපසු විහාරයට පැමිණෙමින් සිටියදී මාර්ගය හරස් වීමෙන් මෙම බහින්බස්වීම ඇතිව තිබේ.
පුද්ගලයන් අට දෙනකු සමග පැමිණ කැති පොලු ඇතුළු අවි ආයුධ සමඟ මෙම පහරදීම සිදුකර තිබේ.
සිදුවීම සම්බන්ධයෙන් අනුරාධපුර පොලිසියට පැමිණිල්ලක් කර ඇති අතර පහර කෑමට ලක් වූ පුද්ගලයා රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටී.