UPDATE: "සූරිය මංගල්‍යයේ" ගීතය කුණුහරපෙන් අනිත්පැත්ත ගැසූ පුද්ගලයා අත්අඩංගුවට [VIDEO]

lankaSFnews
0
suriya mangallye


ප්‍රවීන ගායන ශිල්පී රෝහණ බැද්දගේ විසින් ගායනා කළ ” සූරිය මංගල්ලේ ගීතය” විකෘති කර සමාජ මාධ්‍ය වෙත මුදාහැරීමේ සිද්ධියේ සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.


මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 31ක් වන තලාතුඔය පදිංචි සුරාබදු නිලධාරියෙක් බවයි සඳහන් වන්නේ.


සැකකරු අද (17) කුලියාපිටිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.


පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය වයඹ පළාත් ඒකකය මඟින් වැඩිදුර විමර්ශන සිදුකරයි.

-----------------------------------

 රෝහණ බැද්දගේ මහතා විසින් ගායනා කරනු ලබන "සූරිය මංගල්‍යයේ" අලුත් අවුරුදු ගීතයේ පද විකෘති කර සමාජ මාධ්‍යට මුදා හැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් පවත්වන ලෙස සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය විදුලි සං‍දේශ නියාමන කොමිෂන් සභාවට දැනුම් දී තිබේ.


සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ ලේකම් සොමරත්න විදානපතිරණ මහතා විසින් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත අදාළ දැනුම්දීම සිදුකර ඇති බව  වාර්තාවෙයි.


එම ගීතය විකෘති කර සමාජ මාධ්‍යට මුදාහළ පුද්ගලයින් පිළිබඳව සොයාබලා දැනුම්දෙන ලෙස සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය විදුලි සංදේශන කොමිසන් සභාවට මෙලෙස දැනුම් දී තිබේ.


අදාළ පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් සොමරත්න විදානපතිරණ මහතා වැඩිදුරටත් සදහන් කළේය.


Post a Comment

0 Comments
lankaSFnews Whatsapp channel
To Top