ග්‍රීසිය සමලිංගික විවාහ නීතිගත කරයි [VIDEO]

lankaSFnews
0

greece same sex marriage

සමලිංගික විවාහ නීතිගත කළ පළමු ක්‍රිස්තියානි ඕතොඩොක්ස් බහුතරයක් සිටින රට බවට ග්‍රීසිය පත්වී තිබෙනවා.


පෙබරවාරි 15 දිනයේ එරට පාර්ලිමේන්තුවේ පැවැත්වූ ඡන්දයෙන් අනතුරුව මෙසේ සමලිංගික යුවල සඳහා සමාන මාපිය අයිතිවාසිකම් ලබා දී තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.


අගමැති Kyriakos Mitsotakis පැවසුවේ නව නීතිය “බරපතල අසමානතාවයක් නිර්භීතව අහෝසි කරන” බවයි.


කෙසේ වෙතත් මේ නීතිගත කිරීමට එරෙහිව විරුද්ධත්වයක් දැක්වූ එරට ප්‍රබල ඕතොඩොක්ස් පල්ලියේ ආධාරකරුවන් ඇතන්ස්හි පාර්ලිමේන්තු ගොඩනැගිල්ල ඉදිරිපිට විරෝධතා රැලියක් ද පවත්වා තිබෙනවා.


greece same sex marriage news

බොහෝ දෙනෙක් අගනුවර සින්ටැග්මා චතුරශ්‍රයේ බැනර් ප්‍රදර්ශනය කරමින්, කුරුස අල්ලාගෙන, යාඥා කියවූ අතර, බයිබලයේ ඡේද ගායනා කළහ.


නමුත් විරෝධයන් මධ්‍යයයේ වුව ද අදාළ පනත් කෙටුම්පත නීති සම්පාදකයින් විසින් සම්මත කර තිබෙනවා.


මෙම ඡන්දය ග්‍රීසියේ LGBTQ සංවිධාන විසින් පිළිගෙන ඇත.


සමලිංගික දෙමාපියන්ගේ රේන්බෝ ෆැමිලීස් හි ප්‍රධානී ස්ටෙලා බෙලියා පවසා ඇත්තේ මෙය ඓතිහාසික මොහොතක් බවත්,මෙය ප්රීතිමත් දවසක් බවත් ය.


greece same sex

එසේම යුරෝපා සංගමයේ සාමාජිකයින් 27 දෙනාගෙන් 15 දෙනෙකු දැනටමත් සමලිංගික විවාහ නීතිගත කර ඇත.තවද එයට ලොව පුරා රටවල් 35 ක අවසර ඇත.


Post a Comment

0 Comments
lankaSFnews Whatsapp channel

#buttons=(Accept !) #days=(20)

Our website uses cookies to enhance your experience. Learn More
Accept !
To Top