නිරුවත් පින්තූර ලීක් කරතැයි බියෙන් එංගලන්තයේදී සියදිවි නසාගත් ‘ඩිනාල්’

lankaSFnews
0
man photo


 එංගලන්තයේ ජීවත්වන ශ්‍රී ලාංකික සිසුවෙකුගේ අභිරහස් මරණය පිළිබඳව තොරතුරු අනාවරණය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.


මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඈත්තේ ඩිනාල් ද අල්විස් නමැති 16 හැවිරිදි වියේ පසුවූ පාසල් සිසුවෙකි.


Croydon හි Whitgift පාසලේ අධ්‍යාපනය හදාරමින් සිටි ඩිනාල් අති දක්ෂ සිසුවෙකි.


පාසලේදී දක්ෂ පාපන්දු සහ රගර් ක්‍රීඩකයෙකු වූ ඩිනාල්ගේ බලාපොරොත්තුව වී තිබුණේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයට ඇතුළත්ව උසස් අධ්‍යාපනය හැදෑරීමය.


මෙම සියලු සිහින බොඳ කරමින් ඔහු වෙත මරුවා ළඟා වන්නේ 2022 වර්ෂයේ ඔක්තෝබර් මස 27 වනදාය.


අභිරහස් ලෙස මියගොස් සිටි ඩිනාල්ගේ මරණය සියදිවි නසාගැනීමක් බවට විනිශ්චය කළ ද එයට හේතුව සොයා අඛණ්ඩව විමර්ශන කටයුතු සිදුකළේය.


එම විමර්ශනවලට අනුව තොරතුරු අනාවරණය වී ඇත්තේ කිසියම් පුද්ගලයෙකු විසින් ඔහුගේ නිරුවත් ඡායාරූප මුදාහරින බවට කළ තර්ජනයක් හේතුවෙන් මෙලෙස සියදිවි හානිකරගෙන ඇති බවය.


අදාළ තර්ජනය එල්ලවී ඇති පුද්ගලයා හෝ ස්ථානය පිළිබඳව මෙතෙක් නිශ්චිත කරුණු අනාවරණය වී නොමැති බවද එම වාර්තා වැඩිදුරටත් පවසයි.


කෙසේ වෙතත් විමර්ශන නිලධාරීන් සැකපළ කරන්නේ VPN තාක්ෂණය භාවිත කරමින් නයිජීරියාවේ සිට ඩිනාල් වෙත මෙම පණිවුඩය එවා ඇති බවය.


සමාජ මාධ්‍ය ඔස්සේ අදාළ කප්පම් ඉල්ලා ඇති පුද්ගලයා ඔහු වෙත නිරුවත් ඡායාරූප දෙකක් යොමුකර ඇති බවද විමර්ශනවලදී හෙළිවී තිබේ.


විමර්ශකයින් සැකපළ කරන්නේ ඔහු මීට පෙර ලබාගත් ඡායාරූප දෙකක් මෙලෙස සැකකරුවන් අතට පත්ව ඇති බවටය.

Post a Comment

0 Comments
lankaSFnews Whatsapp channel

#buttons=(Accept !) #days=(20)

Our website uses cookies to enhance your experience. Learn More
Accept !
To Top