නව යොවුන් වියේ පිරිමි ළමයෙකුට ලිංගික අතවර කෙරූ ඕස්ට්‍රේලියානු නිරූපිකාව

lankaSFnews
0
model


 ජනප්‍රිය ත්‍රාසජනක චිත්‍රපටයක් වන වුල්ෆ් ක්‍රීක් හි කෙටි කලක් රඟපෑ නිරූපිකාවක වන මේගන් ස්කියි බ්ලැන්කඩා(Megan Skye Blancada) නව යොවුන් වියේ පිරිමි ළමයෙකුට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් සහ ඇගේ දුරකථනයෙන් සොයාගත් බව කියන ලිංගික අපයෝජනය දර්ශන ඕස්ට්‍රෙලියානු පොලිසිය අත්අඩංගුවට ගෙන ඇති අතර, ඇයට බරපතල ළමා ලිංගික අපයෝජන ඔචෝදනා එල්ල වී ඇත.


තරුණ මවක් සහ නිරූපිකාවක් වන මෙගන් ස්කියි බ්ලැන්කඩා, වයස අවුරුදු 16ට අඩු පිරිමි ළමයෙකුට ලිංගික අතවර කිරීම සහ ළමා අපයෝජන ද්‍රව්‍ය සන්තකයේ තබා ගැනීම යන චෝදනා යටතේ සඳුදා දිනයේ දී ඇඩිලේඩ් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරිණ.

2021 ජූලි 30 සිට 2023 නොවැම්බර් 6 දක්වා කාලය තුළ ඇඩිලේඩ් හි උතුරු ප්‍රදේශයේදී මෙම අපරාධය සිදු වූ බවට චෝදනා එල්ල වී ඇත.


34 හැවිරිදි ඇය , යෝග්‍යතා නිරූපිකාවක් ලෙස ක්‍රියා කරන අතර , Hey Hey Its Esther සහ Wolf Creek වැනි චිත්‍රපටවල ඇයගේ භූමිකාවන් දැකිය හැකි වෙයි.


බ්ලැන්කාඩා වෙනුවෙන් පෙනී සිටි නීතීඥ ඇන්ඩෲ ග්‍රැහැම් තම සේවාදායකයා මෙම වරද පිළිගෙන ඇති බව උසාවියේදී කීය. ප්‍රකාශයක් නිකුත් කරමින් ඇන්ඩෲ පැවසූවේ, “තම සේවාදායකයා නීතිවිරෝධී ලිංගික සංසර්ගය සහ අශෝභන පහරදීම් දෙකකට වරද පිළිගන්නා බවයි. ”


නොවැම්බරයේදී ඇය අත්අඩංගුවට ගැනීමත් සමග, ඇයගේ දුරකථනය ද පොලිස් භාරයට පත් වූ අතර, එහි දී දුරකථනයේ තිබී හමු වූ ළමා අපචාර දර්ශණ සම්බන්ධයෙන් ද පොලිසිය ඇයට චෝදනා කළේය.

ඇය චෝදනාවලට පිළිතුරු දීම සදහා මැයි මාසයේදී නැවතත් උසාවියට ඉදිරිපත් වීමට නියමිතය.

Post a Comment

0 Comments
lankaSFnews Whatsapp channel

#buttons=(Accept !) #days=(20)

Our website uses cookies to enhance your experience. Learn More
Accept !
To Top