Live UPDATE : දියතලාවේ Fox Hill Supercross අනතුර : මියගිය අය මෙන්න

lankaSFnews
0
diyathalawa Fox Hill Supercross


foxhill අනතුරකින් මිය ගිය හත් දෙනා හඳුනාගෙන තිබෙනවා.


මෙලෙස මිය ගොස් ඇත්තේ, වසය අවුරුදු 8 සිට 62 දක්වා වන වයස් කාණ්ඩවල පසු වූ පිරිසක්.


මෙම අනතුර සිදු වූයේ තරගාවලියේ 18 වැනි අදියර වූ Ford Lader/Mazda 1500CC තරගය ක්‍රියාත්මක වෙමින් තිබියදීයි.


දියතලාව, ෆොක්ස්හිල් මෝටර් රථ අනතුර සම්බන්ධයෙන් තරගකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් ලබන 30 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.


* වැලිමඩ ප්‍රදේශයේ පදිංචි 8 හැවිරිදි ශිවකුමාර් ධනුෂිකා

* සීදුව ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි චමත් නිරෝෂන්

*අකුරැස්ස ප්‍රදේශයේ පදිංචි 20 හැවිරිදි අශාන් හීනටිගල

*අවිස්සාවේල ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි රසික අබේනායක

*වැලිමඩ ප්‍රදේශයේ පදිංචි 55 හැවිරිදි මුත්තුසාමි උදයකුමාර්

*මාතර ප්‍රදේශයේ පදිංචි 62 හැවිරිදි අරුණ උපලාගමගේ

*මාතර ප්‍රදේශයේ පදිංචි 60 හැවිරිදි ගනේෂන් කමලනාත් යන අය මෙලෙස මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

-------------------------------------------

 ෆොක්ස්හිල් තරඟ අත්හිටුවයි :

ෆොක්ස් හිල් මෝටර් රථ ධාවන තරගය අතරතුර සිදුවූ අනතුර අනුව එහි ඉදිරි සියලු තරග අත්හිටුවීමට තරග සංවිධායකයන් කටයුතු කර තිබේ. 


දියතලාව නරියාකන්ද ,  "ෆොක්ස්හිල්" මෝටර් රථ හා  යතුරුපැදි ධාවන තරඟය අද (21) පැවති අතර මෝටර් රථ ධාවන  තරගයක් පැවැත්වෙන අතරවාරයේදී එක්  මෝටර් රථයක් ධාවන පථයෙන් ඉවතට පැනීමෙන්  සිදුවූ අනතුරකින්  තරඟය නරඹමින් සිටි පුද්ගලයින් 7 දෙනෙකු මියගොස්  ඇතැයි  පොලීසිය කියයි.අනතුරින් මියගිය 7 දෙනා අතර 8 හැවිරිදි දැරියක් ද වන බව පොලීසිය පවසයි.


අනතුරින් තවත් 21 දෙනකු පමණ තුවාල ලබා  දියතලාව මූලික රෝහලට ඇතුලත් කළ බව දියතලාව පොලීසිය පැවසීය. 


එක් මෝටර් රථයක්   අනතුරට ලක්වීමෙන් පසු එය නැරඹීමට ඉදිරියට පැමිණි පිරිසක් පසු පසින් ධාවනය වූ  තවත් මෝටර් රථයක හැපී මෙම අනතුර සිදුවූ බවට තොරතුරු අනාවරණය විනැයි  පොලිසිය පැවසීය. 


ශ්‍රී ලංකා ඔටෝ මොබයිල් ක්‍රීඩා සංගමය විසින් සංවිධාන කරනු ලබන මෙම මෝටර් රථ ධාවන තරගය සෑම වසරකම අප්‍රේල් මාසයේදී පවත්වනු ලබන ප්‍රධාන පෙළේ ධාවන තරගාවලියක් වේ.


මෙම ධාවන තරගාවලිය පළමු වරට සංවිධානය කෙරුණේ 1993 වර්ෂයේ දීය.


මෙවර පැවති ෆොක්ස් හිල් ධාවන තරගාවලියේ පුර්ව ප්‍රචාරක දැන්වීම් සඳහා සංවිධායකවරුන් "ත්‍රාසයෙන් වික්ෂිප්තයට" යන තේමා පාඨය යොදා තිබුණි.

diyathalawa accident






Tags

Post a Comment

0 Comments
To Top