මත් එන්නතක් දී තරුණයින් 10 ක් කාන්තාවක්ව බලෙන්ම දූෂණය කරලා

lankaSFnews
0
gang rape sri lanka

 යාපනයේ පේදුරුතුඩුව ආණ්ඩියන් ගම්මානයේ පදිංචි කාන්තාවකට මත්ද්‍රව්‍ය එන්නත් කොට තරුණයින් දස දෙනෙකු පමණ ඇයව සමූහ දූෂණයකට ලක්කළ බවට පේදුරුතුඩුව පොලිසියට ඊයේ (23) පැමිණිල්ලක් ලැබී තිබෙනවා.


පැමිණිල්ල ඔස්සේ පරීක්ෂණ පවත්වන පොලිසියට හෙළි වී ඇත්තේ මීට පෙර අවස්ථාවන්වලදී ද ඇය දූෂණය කර ඇතත් ඇයට මේ ගැන කිසිවෙකුට හෝ නොපවසන ලෙස බලකොට ඇයට මරණීය තර්ජන එල්ල කළ බවයි.


මව හා පියා මියගිය පසුව ඇය සිය වැඩිමල් සහෝදරිය යටතේ ජීවත් වී ඇති අතර ඇයද පසුගිය වසරේදී මියයාමෙන් පසුව එම කාන්තාව නිවසේ තනිවම ජීවත් වී ඇති බවයි වාර්තා වන්නේ.


තරුණයින් පිරිස මුල්ම වරට ඇයව දූෂණය කර ඇත්තේ ඇය තනිවම නිවසේ සිටින අවස්ථාවකදී බවද සඳහන්.


මෙවරද ඇයගේ නිවසට පැමිණි තරුණයින් පිරිසක් ඇයට සිහිමද වන්නට කිසියම් මත්ද්‍රව්‍යයක් බලහත්කාරයෙන් එන්නත් කොට ඇයව බලහත්කාරයෙන් සමූහ දූෂණයකට ලක් ක‍ර තිබෙනවා.


අප වාර්තාකරු පැවසුවේ සමූහ දූෂණයට ලක් වීමෙන් පසුව බරපතල ලෙස රෝගී වූ මෙම කාන්තාව පේදුරුතුඩුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව සිද්ධිය සම්බන්ධයෙන් සියලුම තොරතුරු හෙළි වී ඇති බවයි.


දූෂණයට ලක් වූ කාන්තාවගෙන් ප්‍රකාශයක් ලබා ගෙන ඇති පොලිසිය සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ආරම්භ කර ඇති බවද සඳහන්.

Tags

Post a Comment

0 Comments

#buttons=(Ok, Go it!) #days=(20)

Our website uses cookies to enhance your experience. Learn More
Ok, Go it!
To Top